31 වන කොටස...

2.5K 526 139
                                    

කහ පාට පහන් දැල්ල හුලන් අතට ලාවට නැටුවා......

මද හුලග සැරින් සැරේම ඇවිදින් ඇගේම හිරිගඩු පුප්පවන කොට ඒ හුලගට හදුන් කූරු වල මල් සුවදත් උදුරගන ගියා....

බෝ කොල හෙළ වෙනවා....සමහරක් බිම වැටෙනවා...වැටෙන බෝකොල පොඩි සාධු  රටා තියලා  අමදපු මිදුලෙ පුරාවටම නැති උනත් තැන් තැන් වල වැටිලා තියනකොට බෝධිය නාවන උන් තියන අඩියක් ගානෙ හරි ප්‍රවේසම් උනා....

ඇයි ඊතින් බෝ කොල පෑගුනොත් ........

මට නින්ද යන්න එනවා.....

අත්තම්මා කොච්චර වයස උනත්.....බෝධි පූජා පොත කියවන්න නම් කට පන ගහලා තිබුනා...

මගෙ හිතට පුදුමාකාර සැනසීමයි...ලොකූ බලාපොරොත්තු කිසීම දෙයක් නෑ...අනිත් අම්මා අප්පච්චිලා වගේ මායි මගෙ අකේනුයි ප්‍රාර්තනා කරන්නෙ...හරි පින්වන්ත දරු පැටියෙක් විතරයි ..කලුද සුදුද කෙල්ලෙක්ද කොල්ලෙක්ද....හිතන්නෙ නෑ...අකේන් කටට ආවට...එවෙලෙ තිබුන සතුට වැඩි කමට එයා එයාගෙ නම දාන්න එයාගෙ නම දාන්න කිව්වත්...මට හිතෙන්නෙම කෙල්ලෙක් හම්බෙයි කියලා වෙනකොට මට මහාමායා  කියන නම මගෙ හිතට හරියට වද දුන්නා.....ඒ නමට මට පුදුම විදිහට කෑදරයක් ඇතිඋනා....

ඒත්....වස් වදීදෝ කියලත් බය හිතුනා..මොකද ....මට මතක් උනේ...ඒ උත්තමාවියව උනත්....පහු කාලින මොන දේවල් වෙයිද කව්ද දන්නෙ...නමටත් එක්ක වස් වදීවි..........

මම චුට්ටක් එහා මෙහා උනා...අකේන් උන්නෙ මට පිටිපස්සෙන් ඉදගන...මං උන්නෙ එයාගෙ ඇගට හේත්තු නොවී හේත්තු වේගන....අක්කගෙ කොලු පැටියා සුදුපාට පැනල් රෙදි ගොඩක් මැද උඩ බෙලි අතට ඉදන් එයාගෙම අත් දෙක එක්ක සෙල්ලම් කෙරුවා .....අර චූටි කට උල් කර කර මොන මොනවදෝ කියවන්න හැදුවා...පැදුරෙ ඉදලා එපා වෙලාදො...නැත්තන් බඩගිනි හැදිලාදො....ඒත් නැත්තන්.....චූදාගනද කොහෙදො...ඒකා චුට්ටක් ඔහෑ..ඔහෑ ගෑවා.....හැබැයි ඉතින් දෙපාරයි...කවුරුත් අවදානෙ නොදුන්න නිසාද කොහෙදෝ අඩපු ඒකා ඒ ඇඩිල්ල කැස්සකට හැරෙව්වා...

චූටිකටෙන් එක පාරක් දෙපාරක් කැස්සා...අනිත් අත පෙරලෙන්න හැදුවා....තියන මුරන්ඩු කමටම පෙරෙන්න බැරි වෙනකොට  ආයම අඩන්න කට හැදුවා....ආයම කකුල් දෙක උස්ස ගත්තා ...උස්සන් යටි පතුල් අල්ලන්න හැදුවා ..අල්ලගන්න බැරි වෙනකොට ආයම අඩන්න කට හැදුවා........මං බලාගන උන්න මිසක්කා අතක් වත් තිබ්බෙ නෑ....මට බය හිතුනා..මගෙ අත තිබ්බ ගමන් මේ හුරතල් කෝලම් මුරන්ඩු ගති ඔක්කෝම ඉවර වෙයි කියලා ...

BE MY ARMOUR (Complete )Donde viven las historias. Descúbrelo ahora