මං එහෙම්ම ට්‍රක් එකෙ මුල්ලටම ගියා....ගිහින් ඉදගත්තා ...කනා මැදිරි එලියටත් වඩා අඩු ලයිට් එලියකින් මං එතන උන්න කොල්ලන්ගෙ මූනවල් දැක්කා.....මේ ඔක්කොම වයස තිහට අඩු කොල්ලො....සමහරු මගෙ වයසෙ......
ඕනා නම් එකෙක් දෙන්නෙක් ඉන්න ඇති මගෙ අකේන්ගෙ වයසෙ...ඉතිරි ඔක්කොම තවමත් කොලු කමට දුවන්න පනින්න ඕන උන් වෙනකොට අනේ ඒ මුනවල් ඇදිලා ගිහිල්ලා....ඇස් ගිලා බැහැලා තිබුනා.....
කනාමැදිරි එලියකින් උනත් මං මගෙ ගාව උන්න නිවාඩු යන කොල්ලන්ගෙ මූනවල් දිහා බැලුවා ....දවස් ගානකින් නින්දක් තිබුන් නැති ඇස් සැරින් සැරේට වැහුනත් ගෙදර යන ආසාවටද කොහෙදෝ ,නින්ද ගිහින් බහින තැන අමතක වේවි කියලද කොහෙදෝ අනෙ උන් අර වැහෙන්න ඔන්න මෙන්න තියන ඇස් බලෙන් ඇරගත්තා .....
අනිවාර්යයෙන්ම මේ ඉන්නෙ තනිකරම දුශ්කර පළාත්වල කොල්ලො.....දුප්පත් අම්මා තාත්තලාගෙ කොල්ලො......හේන් ගොවිතැන් කරන අම්මා අප්පච්චිලාගෙ අසරන කොල්ලො.......හම්බවෙන පඩියෙන් බාගෙට ගෙවල් හදපු මහපොලව එක්ක ඔට්ටුවෙලා හුස්ම ගැටගහගන්න කොල්ලො......
මෙහෙන් ඒ කොල්ලො මහ කැලෙ රෑ දවල් නැතුව කොටි එක්ක පොරබදනකොට උන්ගෙ අම්මලා ගිනිගහන අව්වෙ මද්දහනෙ වතුර බිදක් නැති මහ පොලව එක්ක ඔට්ටු වෙලා මග රෑට වල් අලි වල් ඌරො එක්ක ඔට්ටු වෙනවා ඇති....
උන්ට කොහෙන් ගියත් දුකම විතරක් .....රුපියල් පනස් දහක් හැටදහක් වෙනුවෙන් ජීවිතේම යුද්දෙ වෙනුවෙන් සින්නකරපු උන්ගෙ ගිවිසුම අත්සන් වෙන්නෙ අවුරුද්දකට දෙකකට නෙවෙ....අවුරුදු දහය පහලවකට.....
ඉතින් උන් ඔය අත්සන් කරන අවුරු දහය පහලව ඉවර වෙනකම්ම ජීවත් වෙයිද?
නෑ.....සමහරුන්ට පලවෙනි අවුරු පහවත් සම්පූරන කරන්න වාසනාවක් තිබුන් නෑ.....දෛවය ඒ තරම් උන්ට නපුරු කම් කෙරුවා .......
ඒ විතරක් නෙවෙ ....මහපොලව එක්ක ඔට්ටුවෙන ඇට පෑදුන ඇස්වලින් පවා දුක් ගින්දර පිටවෙන උන්ගෙ අම්මා අප්පච්චි ලාට මලකදෙ මූන දකින එක පවා නැති කෙරුවා ....ලාභ පෙට්ටියක සිංහකොඩියකින් වැහුන කෑලි එකතු කරලා මලකද හදා ගත්තු උන් අඩි ගානක් පොලව යට වැලලෙනකොට ජීවිතේට වත් මලක් නොලැබුන උන්ට එදාට විතරක් මල් පිරුන මල් වඩමක්ම හම්බ උනා.....
YOU ARE READING
BE MY ARMOUR (Complete )
Fanfictionදන්නවද ලෝකෙටම ඔයා එක්කෙනෙක් උනත් ඔයාව මට ලෝකයක් ....... සමහර වෙලාවලදි ...මට දැනෙනවා...මුලු ලෝකෙම මගෙ අත් උඩ කියලා ..... ඉදලා හිටලා..ඒ හම්බෙන " සමහර වෙලාවට" මන් ආදරෙයි නොසෑහෙන්න..... මගෙ නිඛිල්........ උඹ කියන්නෙම මට ලෝකයක්! මම අකේන් හිරුන්ය වික්ර...