18 වන කොටස....

2.7K 588 237
                                    

අකේන්......අකේන්...අනේ මට ඔයා එක්ක තත්පර දෙක තුනක් කතා කරන්න පුලුවන්ද....ප්ලීස්..අනෙ බෑ කියන්න එපා අකේන්.....

ගේට්ටුවෙන් ඇතුලට යන්න හම්බුනෙ නෑ....අම්ම අප්පච්චි එක්ක ඇවිදින් උන්න සරනි අඩාගන වගේ මගෙ අකේන් ගාවට ඇවිත් අතින් අල්ලගන්නකොට මං බලාගන උන්නා.....මං විතරක් නෙවෙ සංධීරුත් බලාගන උන්නා......

මෙච්චර වෙලාම අකේන් ගාව උන්න මං අඩියක් පස්සට තියනවත් එක්කම මං කාගෙ කව්ද කින්ද මන්ද නොදැන උනත් මගෙ මූනෙන් එලියට පැනපු ඒ හැගීම් එකපාරම මට එහා පැත්තෙ උන්න සංධීර්ගෙ ඇස් වලට අහු උනා.......

බඩකුත් උස්සන් ආව සරනි අතේ එල්ලෙනකොට  අඩපු ඇස් රතුවෙලා තියනවා දකිනකොට  ඕනම මනුස්සයෙක් පිට රූපෙ බලපු ගමන් ගන්නෙම සරනිගෙ පැත්ත .......

රූපෙ අතින් පිට පොත්ත අතින් ගත්තම වටෙ ඉන්න මිනිස්සු දකින්නෙ බඩදරු අම්මෙක් දික්කසාද කරන්න හදන කතාවක් වගේම   කතාව නොදැන උන් හැමෝම සරනිගෙ පැත්ත ගත්තා උනත්...සමහරක් ඇත්ත කතාව දැන දැනම දැනම බඩේ ඉන්න අනුන්ගෙ දරුවා ගැන වගේම ගෑනුන්ගෙ බොලද හොත් ගැන හරි අපූරුවට සාදාරනී කරනය කරන මාගලක් වගෙ  කතාවක්  කියලා  උන් හැමෝම අවසානෙදි දික්කසාද වෙන්න බලන් ආව   එයාව ආපහු ඒ ගෑනිගෙ කරට ගහනවා......ඉතින් එහෙම දේවල් මතක් නොවෙනකොට මගෙ මූන වෙනස් නොවී තියේවිද .....මගෙ ඇස් ගැස්සෙන්නෙ නැතිව තියේවිද ....

මං අඩි දෙක තුනක් පස්සට උනා...සරනිගෙ අම්මා අප්පච්චිත් දෝනියැන්දගෙ කෙරුවාවට සමාව දෙන්න කියන්නද කොහෙදෝ අපි දිහාවට එනකොට  එයාගෙ අතින් අල්ල ගත්තු සරනි තවත් අඩන්න ගන්නකොට  මේ ඔක්කොම දිහා බලන් උන්න සංධීර්  අකේන්ට කතා කෙරුවා ....

මිස්ටර් වික්‍රමසිංහ ....තැන් තැන් වලට ගිහින් තත්පර ගනන් කතා කරලා ඇවිදින් මේ නඩුව කතා කරන්නෙ නෑ වගෙ දෙයක් කියන්න හිතන් ඉන්නවා  නම් ඒක දැම්ම කියන්න ...සල්ලි ගෙව්වා නැතා මට මගෙ කාලෙ වටිනවා .............මට නඩුව කතා කරත් නැතත් වැඩක් නෑ.
..හැබැයි මිස්ටර් වික්‍රමසිංහ ....මෙතනට ආවෙ වීරයා වගෙ සමාව දීලා භාර ගන්න වගෙ කැරැක්ටර් එකක් රගපාන්න නම්.....වැඩි කල් නොයා දෙවනි පාරටත් මට කතා කරලා ඩිවෝර්ස් නඩුවක් ෆයිල් කරන්න නොකිව්වොතින් මං සංධීර් නෙවෙ .....

BE MY ARMOUR (Complete )Where stories live. Discover now