11වන කොටස

4K 731 172
                                    

අ...අකේන්......

මාව ගැස්සුනා...බය වෙලා උන්න මම කෑ ගැහුවා ...අතේ තිබුන වතුර වීදුරුව පවා බිමට වැටෙද්දි එයා මට කතා කෙරුවා ....නිකන් නෙවෙ  මැනික කියලාම එයා බය උන මට කතා කරනකොට අනෙ මං මගෙ අතක් පපුවට තියා ගත්තා.....

අ...අකේන්....

බන්ඩාර හාමු....මම...නෙ......

අනෙ අකේන් මං...මං.....බය උනා අකේන්......

හිස්බඩ පෙනඩෝල් බොන්න අගුනයි කියලා මගෙ දොස්තර මහත්තයා දන්නෙ නැද්ද ම්ම්ම්ම්.....?

අකේ....න්...

උඹ අසනීප උනහම කව්ද බන්ඩාර හාමු මාව බලාගන්නෙ.......

        .............

ඇරත්...උඹ මට පොරොන්දු උනානෙ........පොරොන්දු තියෙන්නෙ රකින්න නෙවෙයිද ......?

මම ගල් ගැහිලා වගේ බලාගන උන්නා...පිටතට රලු චරිතයක් තද චරිත උන අකේන් මගෙ ගාවදි ආදරනීය වෙන හැටි මං බලාගන උන්නා.....එයාම තදින් මිරිකගත්තු මැනික් කටුව එක තත්පරේට රතු වෙලා යනකොට දැන් දැන් චුට්ට චුට්ට අර මුනිවත බිදින මගෙ අකේන් මට අසනීප වෙන්න එපා කියන ගමන් රතු උන මැනික් කටුව ගාව අතගෑවා ........නිකන් නෙවෙ.....මං අසනීප උනෝතින් එයාව බලාගන්නෙ කව්ද කියලා අහන ගමන්........පොරොන්දු  තියෙන්නෙ රකින්න නෙවෙද අහන ගමන්.......

මන් හිනා උනා...හැබැයි අර එයා ගාව හිනාවෙන විදිහට නෙවෙ...මං හිතන්නෙ මගෙ හිනාව අස්සේ බය කියන දේ උපරිම තියෙන්න ඇති අඩන්න බැරි කමට හිනා වෙන්න ඇති......

මං එයා දිහා සෑහෙන වෙලාවක් මොන අර බය මුහු උන හිනාවත් තියාගන බලාගන උන්නා.....

අකේන්......

ම්න්...

මං හරි බයයි අකේන්....

මොනවටද....

මැරෙන්න........දලඹුවගෙන් පිහාටු මතු උනාට පස්සෙ මං හරි බයයි අකේන් කවුරු හරි ඇවිදින් තටු බිදීවි කියලා .........අවාරෙක මල් පිපුනම මං හරි බයයි අකේන්.....කාගෙ කාගෙත් ඇස් වහ වදී කියලා ...........මැරෙනවා කියන එකේ තේරුම ඇස්පියවන එකම නෙවෙ අකේන්........

මං වෙනස් වෙන්නෙ නෑ.........

මම බලාගන උන්නා...එයා තවමත් මගෙ මැනික් කටුව ගාව පිරිමදින ගමන් උන්නා....එකම එක තැනක මට බයක් දැනුනා   .......සරනිට හම්බවෙන්න ඉන්නෙ පුතෙක් කියපු වචන අස්සෙ මං ආසාවක් දැක්කා...බලාපොරොත්තු පොදි ගහන් උන්න බවක් මට දැනුනා....අනන්තවත් මං අලුතෙන් අප්පච්චිලා වෙන පිරිමින්ගෙ  ආදරේ තරම මාතෘ වාට්‍ටු අස්සෙන් දැක්කා....ඒ ඇස් වල සතුට.....සතුටු කදුලු .........ඒ හැගීම් කොහොමද කියන්න මම අනන්තවත් දැක්කා...එයාට නොකිව්වට මට බයක් දැනුනා........ඒත් මං ඒ බවක් අගවන්නෙ නැතිව උන්නා.........

BE MY ARMOUR (Complete )Where stories live. Discover now