අකේන්.......හෙමින්...යමුකො...අකේන්.....
පාරෙ මැදදි අල්ල ගත්තු අත එහෙම්මමයි.....කිටි කිටියට අත තද කරගත්තු එයා මාවත් ඇදන් ඉක්මන් අඩි තිබ්බා මාව ඇදිලා ගියා....
එයාට ඇහෙන් නෑ....
මං කොච්චර වත් හිමින් යන් කිව්වට එයාට ඇහුන් නෑ.........
එයාට දැනෙන්නෙ නෑ.....
එයා අල්ලන් ඉන්න මගෙ අතේ ඇටකටු පවා පොඩිවෙන්න එනවා කියලා වත් එයාට දැනෙන්නෙ නෑ......
සිය ගානක් දහස් ගානක් එහාට මෙහාට යන පේමන්ට් එක දිගේ එයා මාවත් ඇදගන යන්න යන වේගෙට මට යාගන්න බැරි උනා වගේම සමහර තැන්වලදි මාව වැටෙන්න ගියා.....
නැවතීමක් නෑ.......එයා මාව ඇදගන යනවා....බඩගිනී නේද....කන්න මොනවද අහපු එයාට කෑම පවා අමතක වෙලා යනකොට හිතේ තිබුන ආවේගෙ කොයි තරම්ද කියනවා නම් එයාගෙ කකුල් නැවතුනේ ගුනසිංහපුරේදි වෙනකොට මාතර ඒසි බස් එක ගාවදි මගෙ කකුල් වලට නිවනක් හම්බ උනා....
කොටිම්ම මගෙ ඇස් ඇඩුවා....එයා නොදන්නවා උනාට එයා අතින් මට රිදුනා.....මං දන්නවා මගෙ කෙට්ටු අත රතු වෙලා ඇති..........මගෙ පපුව පවා ගැහෙනවා....මාව අතාරින්න එපා ..මගෙන් අතෑරෙන්න එපා මැනික කියපු එයාම එයාටත් නොදැනිම මාව රිදවලා තියනකොට බස් එකෙ අවසානෙත් නොවන...ඉස්සරහත් නොවන මැද හරියෙ ඩබල් ශීට් එකේ ජනේලෙ ගාව ඉදගත්තු මම මගෙ ඔලුව ඉස්සරහා ශීට් එකට ගහගත්තා .......
එයාට ගානක් නෑ....
එයාට තවමත් ගානක් නෑ....මට රිදෙව්වා කියන එක තවම නිච්චියක් නෑ.........
හෙලෝ....සංධීර් .....
මගෙ අත වෙව්ලනවා......මගෙ අත ගැහෙනවා......එයා ඒ අතරම තශින් මගෙ අත අල්ලා......කෝටු අත රතුම රතු වෙලා..කොටිම්ම නහරත් එක්කම.තද වෙලා.යන තරම්.හයියකින් එයා අත අල්ලා තිබ්බා.......
වෙව්ලන අත වේදනා දෙනකොට අඩන ඇස්වලට වේදනාව දියාරු කරන්න දීලා මන් ඉස්සරහා ශීට් එකට ඔලුව ගහන් ඉන්නකොට මට එයාගෙ කටහඩ ඇහුනා ....
නපුරු කම ඉහවහ ගිහින් .......එතන උන්නෙ මගෙ අකේන්වත්.......අර කොල්ලන්ගෙ වික්‍රමසිංහ මහත්තයවත් නෙවෙ තනිකරම නපුරු සැමියෙක්ගෙ චරිතයක් වෙනකොට මං ඇස් හරවලා එයා දිහා බැලුවා ....එයා දත් මිටිකාගන ඉන්නෙ....පැතලි කම්මුල් වල හකුපාඩා තදවෙලා ....කොටවෙන්න කපපු කොන්ඩෙ සියපාරක් අතින් කසපු එයා සංධීර්ට කිව්වෙම එක පාරින් මේක ඉවර කරන්න එක විතරක් වෙනකොට ඒ වචන අස්සෙ දැන් දැන් දුකක් වෙනුවට තරහවක් මතුවෙන්න අරන් කියන්න මට හොදිම්ම දැනුනා .....බඩක් නොතිබුනා නම් ඒගෑනිව මරන්න තරම් තරහවක් ඒ මූනෙ තිබුනා.....
YOU ARE READING
BE MY ARMOUR (Complete )
Fanfictionදන්නවද ලෝකෙටම ඔයා එක්කෙනෙක් උනත් ඔයාව මට ලෝකයක් ....... සමහර වෙලාවලදි ...මට දැනෙනවා...මුලු ලෝකෙම මගෙ අත් උඩ කියලා ..... ඉදලා හිටලා..ඒ හම්බෙන " සමහර වෙලාවට" මන් ආදරෙයි නොසෑහෙන්න..... මගෙ නිඛිල්........ උඹ කියන්නෙම මට ලෝකයක්! මම අකේන් හිරුන්ය වික්ර...