20 වන කොටස...

2.7K 569 97
                                    

මං බස් එකට නැග්ගා..මාතර ඉදන් කොළඹට එනකම්ම ඉදගත්තු වෙලේ ඉදන් මගෙ කල්පනාව තිබ්බෙ  ජනෙලෙන් එපිට පාස් වෙන දේවල් වෙනකොට  එයගෙයි මගෙයි පැටලුන අත් වල එයාගෙ ඇගිලි සැරින් සැරේම තද උනා........

එයා යන්න යාවි.......එයාට නන්දිකාඩාල් වලට මාරුවක්....මං දන්නෙ නෑ කවද එයාට ආපහු නිවාඩුවක් ලැබෙයිද කියලා කියන්න...මට නිවාඩු නැති උනත්....එයාට පුලුවන් එන ඒමටම මගෙ ක්වාර්ටස් එකේ නවතින්න................

නිඛිල්.....

ම්න්....

මොනවද කල්පනා කරන්නෙ.....

කල්පනා කරන්න මොනවද නැත්තෙ අකේන්......මට උඹ ගියහම හුගාක් දේවල් කල්පනා කරන්න තියනවා මගෙ සුදු මහත්තයා .......ආපහු එනකන්...මං ඇගිලි ගනින්නද....ගනින්න ඇගිලි මදිවෙයිද  ..කැලන්ඩරේ කපන්න කොටු මදිවෙයිද කියන්න මං කල්පනා කරනවා අකේන්........

මං ලියන්නම්.....

ඇත්තටම ද ආ සුදු මහත්තයා ....?

ම්ම්....පුරුදු නෑ.....කවදාවත් ලියලත් නෑ.....ලියලා බලන්නම්.....හුගාක් ලස්සන නැති වේවි...මට....තේරෙන්නෙ නෑ....අනික මගෙ  අකුරුත් කැතයි මැනිකෙ....අනේ මන්දා...මං එහෙම......බලන්නම්...කැත උනොත් විසික් කරන්....උව්...ඌව්....හ්..දරුවො.....ඔයා හරියට කොනිත්තනවා නිඛිල් ........

මං එයාව කෙනිත්තුවා......නිකන් නෙවෙ...රිදෙන්නම......නියපොතු පාර හිටින්නම.......එයා කිවා ලියන්නම් කියලා.....හැබැයි ලියන්න දන්නෙ නෑ කිව්ව......කැත නම් විසික් කරන්නන් කියනවත් එක්කම මං එයාගෙ අර හයිය අත් ගොබේ  රිදෙන්නම කෙනිත්තුව බස් එකේ නිසාම එයා කෑ නොගහා ඇඹරුනා......

කැතයි කියන්නෙ....කැත නෑ...අකුරු කැත උනාට හිතේ තියන හැගීම් ලස්සන  නම් අකුරු වලින් මොනවා මනින්නද අකේන්......දන්නවද සුදු මහත්තයා ...ලියවෙන  අකුරු මුතුකැට තරම්  ලස්සන උනත්.....හිත ඇතුලෙ වෛරයක් තරහවක් තියාගන නම් ලියන්නෙ...ඒ අකුරු වලින්  ඇති වැඩේ මොකක්ද.....අකේන්.....අකුරු විදිහට ලියවෙන්නෙ....හිත ඇතුලෙ තියන දේ.........හදවත දිගේ ගලන  හැගීම් තමයි අකේන් අත දිගේ ඇවිත් අකුරු වෙන්නෙ....ඉතින්....මං දන්නවා..දෙයියො බුදුන් පල්ලයි...මං උඹව නොසෑහෙන්න විස්වාස කරනවා මගෙ අකේන්..මන් දන්නවා...කවදාවත් උඹගෙ අකුරු වලින් කැතක් නම් මං දකින එකක් නෑ.....එකක් නෑ නෙවෙ..මං දකින්නෙ නෑ.............

BE MY ARMOUR (Complete )Where stories live. Discover now