37 වන කොටස...

2K 503 181
                                    

තුත්තන් බත්තිකා........දම් ගෙඩි...යක්.....ආ....ආ...ආ......අනේ බොල....දම් ගෙඩි කොහෙ දකින්නද ආයම චූ දැම්මා නේද.....අනෙ කොල්ලො...උඹ හොරාවට බියර් වත් බිව්වද....නැත්තන් අම්මා කුක්කු කියලා සුදු පුතාට බියර් වත් පොවනවද..........ඕ....කට දිහා බලන් ඉන්න නෙවෙ කියන්නෙ.......චූචි මල්ලිව කපනවා දැන්

මොනවද අකේන් ඔය ලමයට කියන්නෙ මේ මිනිහට විකාරද මන්දා....

ආ....ආ...උඹ දැන් ඔහොමද මනුස්සයට කතා කරන්නෙ?හපන් කම් කොරගන්නකොටත් ඔහොම්ම සැර වැරවෙන්ඩ තිබුනනෙ...........කොලුවො ඕන් ඕකගෙ ඔය ජංගිය ගලවහන් ඕකට හුලන් ටිකක් වත් වදින්ඩ....

මං රවාගත්තා .....අකේන්ට සැර උනත් ඇති අත්තම්මට තමයි ඩෝන් යන්නෙ...ගෙදර ආව මම හත් මාසෙ පිරිත් ඔක්කොමත් කියලා හැමදේම ඉවරවෙලා  පෝටිපෝවෙ ඉදන් අකේන් කරන කෝලම් විකාර දිහා බලන් ඉදලා ඉදලා අවසානෙදි    ලමයගෙන් අහන කතාවලට මම කෑ ගැහුවා උනත් ඒ තත්පරෙන් අත්තම්මා මට කෑගැහුවා ......

කොච්චර උනත් අත්තම්මා ගන්නෙම අකේන්ගෙ පැත්ත.....වචනයක් කියන්න බෑ...වචනයක් කියන්නම බෑ කොහෙන් හරි ඇවිදින් අකේන්ව බෙරගන්නවා....මේක මහ මගුලක් උනානෙ..මට මගෙ මිනිහව හදා ගන්න දෙන්නෙම නෑ....

මහ ඕන් නෑ...!

අප්පගෙ හාන්සි පුටුවෙ ඉදන් ඉදිමුන කකුල් දෙකත්  දිගෑරන් හරි අමාරුවෙන් ඉදගන උන්න මං  පුටුවෙ පතු දෙක අල්ලගන හරි අමාරුවෙන් නැගිටගත්තා ...

කොන්ද කැක්කුමයි.........

නැගිටපු මං එහෙම්ම අක්වෙන් ගාවට යන ගමන් හිමින් සැරෙ මගෙ කොන්දට තට්ටු කරගත්තා .....

ඇයි මැනිකෙ ..

කොන්ද කැක්කුමයි අකේන්........

බාම් ටිකක් වත් ගාන්නද ....

එපා ....

පුටුවක වත් ඉදගන්නෙ නැතිව ඉස්සරහා පිලේම ඉදගන උන්න අකේන් නූල්පටක් වත් නැති පොඩි එකාව  එයාගෙ කලවෙ උඩ ඉන්දවන් තනි අතෙන් අල්ලගන මගෙ දිහා බලලා බාම් ටිකක් ගාන්නද ඇහුවා.....

මට මහන්සි...ඇගට පුදුම තෙහෙට්ටුවක් දැනුනා...කොදු නාරටි කලවා පවා කැක්කුම් ගන්නකොට  පිලේ ඉදගත්තොත් කොහොමටටත් නැගිටගන්න බැරි මං එහෙම්ම මිදුලට බැස්සා......

BE MY ARMOUR (Complete )Where stories live. Discover now