15 වන කොටස.....

3.1K 569 119
                                    

බන්ඩාර හාමු.......

මම උඩට දිව්වා......හිස් බව විතරක් රජකරපු ගෙයි ඇතුලෙ ගන්න හුස්ම පවා දෝන්කාර දෙනකොට මම උඩට දිව්වා......පර්චස් හය හතක වගේ හදාපු ඇබිත්තන් ගෙයි පොඩ්ඩෙ පහල තිබුනෙ පුංචිම පුංචි කුසියක් එක්ක බාතෲම් එකක් වගේම හරිම හුරුබුහුටි සාල කෑල්ලක් වෙනකොට උඩ තියෙන්නෙ මොනවද බලන්න මං එක පිම්මට උඩට දිව්වා....

ඇත්තම කියනවා නම් මට ඕනා උනේ හිතුවක්කාර කමට හිත රිදවගන්න......,

කෙලිම්ම එයාලගෙ...කලින් "එයාලගෙ" උන නිදන කාමරේ බලන්න....මං දන්නවා ...කොච්චර කිව්වා උනාත් කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑ වගේ එයා "එපා මැනික හිතන්න එපා මැනික හිතන්න" කිව්වට මොන කරුමෙටද මන්දා මට ඕන උනේ අදම හිත රිදවගන්න වෙනකොට මම එයාලගෙ නිදන කාමරේට ගිහින් මුරන්ඩු කම් කරන හිතට උඩ හිතින් බැන බැන දොර ඇරියා........

මොන මගුලක් වත් නෑ...ඇදක් වත් අල්මාරියක්වත් මේ මොකුත් නෑ...තිබුන එකම දේ තවමත් පැකින් පිට තියන බිත්තියකට හේත්තු කරාපු සිංගල් මෙට්ටයක් විතරක් වෙන කොට එයාල නිදාගත්තු ඇදවත් තිබුන් නෑ.....

කාමරේ කොනක තිබුන පුටුව උඩ එයාගෙයි කියන්න රෙදි කන්දක් විතරක් තිබුනා.......ඒ ඇරෙන්න මෙලෝම හත් ඉලව්වක් නෑ............කන්නාඩි මේසයක් මේ මොකුත් නෑ..කොටිම්ම මේ ගෙදර ගෑනියෙක් ජීවත් උනා කියන්නවත් ලකුනක් තිබුන් නෑ......

මොකද ....දුවගන ආවෙ හිත රිදවගන්නද ම්ම්ම්....?

අ..අකේන්........

එයා ආවා...එක පාරක් විතරක් මට බන්ඩාර හාමු කියලා කතා කරපු එයා ඊලග පාර මාව හොයාගන උඩ තට්ටුවට ආවා විතරක් නෙවෙ.....කෙලිම්ම මාව පිටිපස්සෙන් කිටි කිටියටම තුරුලු කරගත්තා ................

මම මිමිනුවා....ඇහෙන නෑහෙන ගානට අකේන් කියලා කතා කරපු මම හරි හිමීට මිමිනුවා...............මටත් වඩා උස...මටත් වඩා දෙතුන් ගුනයක් හයිය එයා නැවීගන මගෙ උරහිසට නිකට තියාගත්තා ........ඒ විතරක් නෙවෙ...මගෙ බද ගාවින් අත් දෙක ඔතාගන උන්න එයා ඒ අත් තවත් හිර කෙරුවා...........

තවත් වටයක් කරකවන්න පුලුවන් .....ඇයි මෙච්චර කෙට්ටු ම්ම්ම්ම්......

BE MY ARMOUR (Complete )Where stories live. Discover now