30 වන කොටස....

2.5K 540 149
                                    

අ..කේ.....න්....

අකේන්.......

ම්ම්.....ම්ම්ම්.....

අකේන් නැගිටින්න අකේන්.....

කතා කරනවා තියා ඇස් ඇරගන්නවත් බැරි අකේන් ම්ම්ම්..ම්ම්ම්...ගගා ඉදලා ඇස් දෙක තදිම්ම පියා ගත්තා ....ඒ එක්කම මම එයාගෙ තට්ටමට අත දිගෑරලම පාරක් ගැහුවා.

නැගිටපන්....නැගිටපිය මරු ප්‍රොපෝස් කිරිල්ල උඹගෙ...නැගිටපන්...නැගිටපිය කියපු එක වත් මතක නෑ....නැගිටපිය....

ම්ම්ම්ම්

මගෙ මෝඩ මනුස්සයා...උඹට අද පන්සල් යන්න ඕනා කිව්වා නේද......

එයා නිදි මං කියන්නෙ මොනවද කරන්නෙ මොනවද කියන්න මෙලෝහසරක් නොදන්න මගෙ අකේන්ට හරි ගැඹුරු හුස්මවල් පිට උනා...මං දන්නවා...තව විනාඩි දෙක තුනකින් එයා ගොර අදිනවා....එයාට නින්ද යනවා...ඒත් මමවත් නොදකින මහා නපුරු හීනයක් ඇවිදින් මගෙ අකේන්ගෙ ඇස් ගස්සවනවා.....එයාගෙ හිත ගස්සවනවා....එයාගෙ නින්ද එයාට නැති කරනවා.....

මං අතදිගෑරලා ගහපු තට්ටමම මං හිමින් අත ගෑවා...මට දුක හිතුනා...එයා ඒක කියපු විදිහටම මට දුක හිතුනා.....
අපිට බබෙක් හම්බෙන්නනෙ ඉන්නෙ.....අපි බදිමුද නිඛිල් කියලා අහනකොට මං බලාගන වෙරි මතෙන් උන්නත් ඒ ඇස් දෙක ලාවට තෙත් වෙලා තියනවා....

..එයාට සතුටු ඇති.....එයාට සතුටු ඇති නොසෑහෙන්න ......

මං එහෙම්ම  උඩ බෙලි අතට හැරුනා..ඒත් මට තුරුල් වෙලා ගුලි වෙලා උන්න කොලු පැටියා නින්දෙම්ම කෙදිරි ගෑව උඩ බෙලි අතට හැරෙන්න ගියපු මං ආයම හිටපු පැත්තට හැරිලා නොදරුවව ආයම මගෙ ගාවට තුරුල් කරගත්තා විතරයි කකුල් දෙකත් නමාගන අතුත් ගුලින්කරන් හොද සනීපෙට නිදාගන උන්න කොලුවා ඒකට අන්දල  තිබුන නැපියත් තෙමාගන ඇදත් තෙමලා දැම්මා...

යෝ.....චූ..දැම්මා....නේද......සුදු බෝලෙ..........මාමවත් තෙමන්න එපැයි මාව විතරක් තෙමුවෙ....

ඈ.............

ආ..ආ..හරි..හරි...මං තමයි චූ දැම්මෙ....මං තමයි......මේ මාමනෙ චූදාලා....තියෙන්නෙ..මේ....ඉන්නෙ..මේ...
ඉන්නෙ...මේ.......මාමා තමයි චූ දාලා..සුදු බෝලෙවත් තෙමලා තියෙන්නෙ...

BE MY ARMOUR (Complete )Where stories live. Discover now