අනේ අකේන්.....
මට කෑ ගැස්සුනා......කදුලු පිරුනා....සුදුපාට බිත්ති විතරක් ඉතිරි වෙලා කටහඩ දෝන්කාර දෙන නමට ගෙයක් උන ගෙදර අවසානෙදි ඇත්තටම ගෙයක් වෙලා තිබුනා...
අනේ අකේන්...අකේන්....
හෙමින් දරුවා .....
දුවන්න එපා නිඛිල් වැටේවි ....
අනේ අකේන්...මේවා..මේවා...ඔයා කොහෙන්ද..අනේ මහ නරකයි සුදු මහත්තයා උඹ.....
ස්තූතියි .....!
මට අඩන්නත් ඕනෙ.....ඒත් හිනා වෙන්නත් ඕනෙ...කොටිම්ම මට අඩ අඩම හිනා වෙන්න ඕනෙ...මගෙ ඇස් වලට කදුලු පිරුනා..මේ වෙනකන් එයාටයි මටයි එකට ඉදලා කිසිම තැනක පින්තූරයක් ගන්න බැරි උනා.....අඩුම ගානෙ මගුල් ඇදුමක් වත් අපිදෙන්නට අදින්න බැරි උනා....
මෙච්චර දවස් හිස් වෙලා තිබුන බිත්ති පුරාවටම තිබුනෙ ගෙදර තියන ඇල්බම් එකේ තිබුන මගෙ ඵොටෝ වෙනකොට කලාතුරකින් එයාගෙ එකක් තිබුනා....හුගක්ම තිබුනෙ එයා යුනිෆෝම් එකෙන් ඉන්න ඒවා.......
මං ගෙයි පුරාවටම ඇවිද්දා...........ඒ හැම තැනකම තිබුන ඵොටෝ දිහා බැලුවා......අඩන්නත් බැරි...හිනාවෙන්නත් බැරි මාව පුදුම විදිහට අසරන වෙන ඵොටෝ එකක් ගාව අවසානෙදි මගෙ කකුල් නවතිනකොට අනෙ සත්තයි මට තව නම් කදුලු හන්න බෑමයි හිතුනා...මට ඒ පින්තුරෙ දිහා බලන්න බෑ කියලා හිතුනා....මහා ලොකු දේවල් නැති උනත් එයා මට මේ ආදරේ දෙන විදිහ දරාගන්න බැරි උනා....
එක මගුල් ඵොටො එකක්......එයාගෙ මගෙ මූන විතරක් අරගන තවත් කාගෙ හරි ඇගක් එක්ක හැදුව එකක්......
අනේ..සුදු...මහත්තයා ....
ඇයි ඉතින්....අපේ පොඩි බෝම්බෙ අප්පච්චි මගෙ මැනිකෙව අඩවනවා කියලා හිතාවි......
YOU ARE READING
BE MY ARMOUR (Complete )
Fanfictionදන්නවද ලෝකෙටම ඔයා එක්කෙනෙක් උනත් ඔයාව මට ලෝකයක් ....... සමහර වෙලාවලදි ...මට දැනෙනවා...මුලු ලෝකෙම මගෙ අත් උඩ කියලා ..... ඉදලා හිටලා..ඒ හම්බෙන " සමහර වෙලාවට" මන් ආදරෙයි නොසෑහෙන්න..... මගෙ නිඛිල්........ උඹ කියන්නෙම මට ලෝකයක්! මම අකේන් හිරුන්ය වික්ර...