10 වනකොටස...

3.1K 621 142
                                    

මං හිනා උනා.....එයා මට මගෙ නිඛිල් කියනකොට  ඇත්තටම මට දුක සතුට කියන හැගීම් දෙකම දැනුනා......

අ...අකේන්...මාව...මාව.....තුරුල් කරගන්න පුලුවන්ද ........

එයා මගෙ නිඛිල් කිව්වා..ප්‍රාර්තනා කරන ආදරේ බලාපොරොත්තු වෙනතරමටත් වඩා  දෙන්නම්....මට ටිකක් කල්දියන් කියපු මගෙ අකේන් අවසානෙදි මට මගෙ නිඛිල් කියනව එක්ක මම මගෙ ඇගිලි තුඩු වලින් ඉස්සිලා ඒ උරහිස් වල එල්ලුනා...මාව තුරුල් කරගන්න පුලුවන් ද අහනකොට එයා මා දිහා බලාගන උන්නා.........

එයාට මාව තුරුල් කරගන්න බැරිද........

ඒ අත් තාමත් කඩා හැලෙනවා..කාලෙ ටිකක් දෙන්න කියන්නෙ හදිස්සි වෙන්න එපා කියන එකනෙ......ඉතින් මං කොහොමද එයාගෙන් තුරුල් කරගන්න පුලුවන්ද කියලා අහන්නෙ...මං කොහොමද මාව තුරුල් කරගනින් කියලා ඉල්ලන්නෙ.............

කමක්...නෑ...ඒකට කමක් නෑ...මට තේරෙනවා අකේන්...මට සමාවෙන්න.....මං..මං උඹව හදිස්සි කරන්නෙ නෑ.........එන්න...අපි කමු......

ඇගිලි තුඩු වලින් ඉස්සීගන එයාගෙ උරහිස්වල එල්ලීගන උන්න මම ආපහු ඒ උරහිස් අතෑරියා........අතෑරලා එන්න අපි කියන ගමන් මං ආපහු හැරුනා........එයා මට මගෙ නිඛිල් කිව්ව පමනට කොහොමද මම තවත් එතනින් එහාට යන්නෙ....එයා ඉල්ලන්නෙ එයාට හිත හදාගන්න කාලෙ.....මොකද ..දාල ගිය එකාට හිත හදාගන්න කල් නොගියට....ඉතුරු වෙන එකාට ඒ මතකවලින් ගැලවෙන්න කල් ඕනා...මාසයක්...දෙකක්....සමහර විට....අවුරුද්දක්....දෙකක්....ඒත්...
සමහරුන්ට  මුලු ජීවිත කාලෙත් මදිවෙනවා........ කමක් නෑ......මට පුලුවන් ...මට පුලුවන් එයා වෙනුවෙන් බලන් ඉන්න......

මට පුලුවන් එයා මට ආපිට ආදරෙයි කියනකන් බලන් ඉන්න...මොකද ..එයා ඉල්ලුවෙ කාලෙ මිසක්...මට උඹව එපා කියලා එයා මාව ප්‍රතික්ශේප කෙරුවෙ නෑ...එ වෙනුවට එයා ඉල්ලුවෙ එයාට් මැරෙනකම්ම ආදරේ කරන්න කියලා ..........

කමක් නෑ...අපි ඉවසන් බලන් ඉමු..........

මම ආපිට  කෑම මේසෙට  හැරුනා...

බන්ඩාර හාමු...........

මගෙ හුස්ම හිර වෙන්න ආවා ....යන්න හදපු මාව ,තුරුල් කරගන්නෙ නැතිව බලන් උන්න එයා එකපාරම ඇදලා ගත්තා ....හැබැයි එයාගෙ පැත්තට මාව හරවගත්තෙ නෑ...ඒ වෙනුවට එයා කෙරුවෙ පිටිපස්සෙන් ඉදන් මාව තුරුල් කරගත්තු එක වෙනකොට මං බලාගන ඒ අත් ගොබ පිම්බෙනවා ......

BE MY ARMOUR (Complete )Onde histórias criam vida. Descubra agora