''හිතන් ඉන්නේ තමුසේ වල්ගාතරුවක් කියලාද ? කඩන් වැටෙනකොට ලස්සනට පේන්න ? ... ඉතින් දැන් මං ප්රාර්ථනාවක් කරන්න ඕන ද ? කඩන් වැටෙ - .... . ''
'' හෝව්ව් හෝ්ව්ව්ව්... තමුසේට කවුද ඕක කියවන්න කිව්වේ මෙහේ දීපාම්ම්..... '' ඩියොන් මෙච්චර වෙලා තාලේට කියවපු උගේ අතේ තිබ්බ කොළ කැල්ල උදුරලා ගුලිකරපු ගවීෂ් ඒක එහෙමම කටේ දාගත්තේ ඩියෝන් නහයත් අකුලලා ගවීෂ් දිහා බලද්දි..
'' මට කියන්න එපා ඒක කවියක් කියලා ? '' ආශදී නෝන්ඩියට කිව්වේ මේ දැන් සුයිසයිඩ් කරගන්න පුලුවන් සයිස් එකට...
'' නැ නැ. ඕක අර අභී ලිව්වේ.. දන්නවනේ මං අභී ඩයි හාඩ් ෆෑන් කෙනෙක්.. '' ගවීෂ් කිව්වේ කටේ දදා හප හප ඉදපු කොලේ එහෙමම ජනේලෙන් එළියට විසි කරලා...
'' ඇහ් සුදු මාමේ.. අභිෂේකා මෙච්චර කැතට ලියනව ද ? ''
'' ඒක කැත නෑ .. ඔය පැහැදිලි ඉරිසියාව !!!! '' ගවීෂ් මූණත් ඇදකරගන්න ගමන් කිව්වේ කොට්ටේ බදාගෙන එහා පැත්ත හැරෙන ගමන්... අම්මොහ්... තාම හතර හන්දි රිදෙනවා... ඒ අස්සේ මේ ඥාති පරපුර ඇවිත් එයාට නිගා කරනවා...
''උබලා මට දොඩං ගෙඩියක්වත් ගෙනාවේ නැද්ද ? ආහ් ? '' ගවීෂ් ඇහුවේ සේරමලාට රවලා... නමට ඥාති කියන්නේ මුන් තමයි.. මැරුනම එයි පින් ඉල්ලන්න නං... තුන්වෙනි පරම්පරාවේ ප්රබල චරිත දෙකකුයි , දෙවෙනි පරම්පාවේ තනිකඩ ඩබලයි අද ගවීෂ්ගේ රූම් එකට කඩා වැදිලා... දවස් දෙකක් ගෙදරින් පිට නිදහසේ ඉදියා විතරයි... දැන් ඒ නිදහසත් ලෙෆ්ට්... හැබැයි අපරාදේ කියන්න බැ දැන් නං පාළු නැ පාලු නෑ ... මේ දවස් දෙකේම ගවීෂ් කලේ වැදුන පාරවල් ටිකේ හැටියට දවසේම නිදාගත්ත එක... හොද වෙනකං ගෙදර යන්නැතුව මෙහේ නවතින්න කියලා කිව්වේ සුදු මාමා තමයි... හැබැයි දැන් නං ගෙදර යන්න පුලුවන් තරමට සනිපයි... හෙට හවස වගේ යන්න කියලා තමයි ගවීෂ් ප්ලැන් කරන් ඉන්නේ.... මොකද අතිශය වැදගත් රාජකාරි කිහිපයක් තියෙනවනේ මිනිහාට... ඕ වෙන මොකක්ද ඉතින් රස්තියාදුව තමයි...
පැය දෙක තුනක්ම වල්පල් කියව කියව ඉදපු ආශදීයි ඩියෝනුයි එතනින් චුත උනේ ක්ලාස්වලට වාර්තා කරන්න ඕන නිසා... චූටි මාමා කෝමත් වැඩි කාලයක් ඉදියේ පුස්තකාලේනේ... දැනුත් මේ හැබැයි පුස්තකාලේට එන ගමන් තමා ගවීෂ්ව බලන්න ඇවිත් තියෙන්නේ... ඒත් හැබැයි සුදු මාමා නං හෙළවෙන පාටක් නැ... අර කියන්නත් වගේ කවුරු යවාගත්තත් සුදු මාමාව නං මෙතනින් යවාගන්නවා බොරු....