" අපිට ආයේ අතඇරලා දාපු පැත්තට එන්න එපා කියලනේ ඔයාලගේ අත්තම්මා කිව්වේ ? "
" හැමිනියන් !! " ගවීෂ් හිතුවක්කාරකමට කිව්වේ අරවින්ද්ව ඇහුන්නැති ගානට ගලකටත් පයින් ගහන ගමන්....
" දැන් මොකක්ද ප්‍රශ්නේ ? ආයෙ වලියක්ද ? "
" ඇයි !! වලියක් නං උබ දුක අහන්න ද ? ... " ගවීෂ් කඩන් පැන්නේ ඒ සැරෙ අරවින්ද්නුත් දමලා ගහලා ගවීෂ්ව පාස් කරන් ඉස්සරහ පාර පාදගනිද්දි... මේ හරිය තෙතයි.. බාගෙට දිරපු තෙත කොළවල දිලීර සුවදින් කැලෑව වැහිලා.... ඒ තරමට හියුමස් තට්ටුව ඝනකමඒ වනාන්තරේ එයාලා මේ අඩිය තියන්නෙ , සෑහෙන රහස් ගොඩක් උඩින් වෙන්නත් පුළුවන් .....
මේ කැලෑව කෙළවර වෙන්නේ අවුරුදු ගානකට කලින් අතඇරලා දාපු වේඝර්ණ අපර් විලේජ් එකෙන්.... ආශාක්‍යසිංහලත් වේඝර්ණලත් ටිකෙන් ටික ගග පහළට ආවේ කාලයගේ ගතවීමත් එක්ක.... අවුරුදු දහස් ගාණක ඉතිහාසය එක්ක ටිකෙන් ටික පොළොවට පස්වෙන අපර් විලේජ් එකට උරුමයන් දෙක මීට කලින් අඩිය තියලා තියෙන්නේ වේඝර්ණලාගේ වලෝර දෙවොල හොයාගෙන....
ඉතින් මේ ඒ වලෝර දෙවොල වෙනුවෙන් යන දෙවෙනි ගමන... හරියටම කිව්වොත් , තාම එයාලා දෙන්න විතරක් දන්න විදියට, ජීවතුන් අතර ඉන්න හේමා වේඝර්ණාරච්චි ආර්යාව් මුණ ගැහෙන්න... අත්තම්මාගෙන් කිසිම තොරතුරක් නැතුව ගවීෂ්ට දැනෙන්නෙ සැහෙන බලාපොරොත්තු සුන් ගතියක්.. එ වගේම භාතිය ආශාක්‍යසිංහගේ හෝඩුවාවන් අතරේ තාමත් මාස ගාණක් පුරාවට එයාලා අතරමං වෙලා විතරයි.... හැම දේම සිද්ධ වෙන නිශ්චිත වෙලාවක් ඇති... ඒත් පහුවෙන්න පහුවෙන්න යුවනිදු වගේ තව අය යන්නම ගියොත් මේ කෙහෙල්මල් වැඩෙන් ඇති වැඩේ මොකක්ද ?
ගවීෂ් නම් තාම ඉන්නෙ ශූස් පිටින්... ඒත් අරවින්ද් ස්ලිපර්ස් දෙක විතරයි .... ඔව් ඉතින් ආශාක්‍යසිංහලාගේ යොරෙල් විලේජ් එකේ මොනවද මන්දා වැඩ වගයක් බල බල ඉදපු ඌව කෙලින්ම ඇදන් ආවා මිසක් එන්නේ කොහෙද කිව්වෙ නැහැනේ.... කුඩැල්ලෝ අතින් අයින් කර කර ගල් උඩින් පනිනකොට පව් කියලත් හිතෙනව.... මොනා උනත් හෙන ළද වගේ මිනිහානේ ඕකා... පව් කියලා හිතුනට දුක ප්‍රකාශ කරන්න නොගියපු ගවීෂ් අන්තිමේදි කලෑවේන් ඔබ්බේ තිබ්බ පොඩි පඩි පෙළ පාමුල නැවතුනේ මුදුනේ පේන වලෝර දෙවොල දිහා බලාගෙන....