'' හාාාචුහ් ''
ඇගට දැනෙන සීතලට , ගවීෂ් පැත්තකට හැරුනේ සුපර් ග්ලූ අලවපු ගානට ඇස් දෙක පියාගෙනම කිවිසුමක් යවන ගමන්... රෑ තිස්සේ පිනී බාලා උදේ පාන්දර සෙම හැදුනේ නැත්තන් නේ පුදුම.... හාචුහ් !! ගවීෂ් දෙවෙනි හචිං එකත් යැව්වේ පළවෙනි එකේ උණුහුම යන්නත් කලින්...
'' තමුසේ මටත් බෝ කරපන් බලන්න.. '' මියුන් සුපුරුදු සැරෙන් කිව්වේ ගවීෂ් ආයේම මියුන්ට පයින් එකක් ඇනලා ගල උඩින්ම ඔළුව තියන් හාන්සි වෙද්දි... ඇස් අරින්න නං කම්මැලි , ඒත් වටෙන් පිටෙන් එළිය වැටීගෙන එනවා කියන්න ගවීෂ්ට නොදැනෙනවම නෙවේ.... කමක් නෑ තාම හරියටම එළි වෙලා නැනේ... ම්හ්.. තව ටිකක් දොය්යනවා.....
හාාාචුහ්...... තත්පරයක් ගියේ නෑ තුන් වෙන එක... මේක නං කරුමයක් අප්පාහ්....
'' පුදුම ලෙඩ වාට්ටුවක්නේ !! '' මියුන් කිව්වේ අනිත් පැත්තට හැරෙන ගමන්.... උත්තරයක් දෙන්න ඕන - බනින්න ඕන.. ඒත් තාම මොළේ අවදි වෙලා තියෙන්නේ බාගට නිසාමදො ගවීෂ් කට බෙරි කරන් ඇස් දෙක පියාගත්තේ තව ටිකක් නිදාගන්න... ඒ ගස් ගදයට තේරෙනවැයි ඔව්වා.... සීතලයි පොරවන්න මුකුත් ඇත්තෙත් නැ ...මියුන්ගේ ඇගට අත දැම්මොත් ආයේ මතක හිටින්න පාරක් කාලා උදේ පාන්දර නොමිලේ ගගට ප්රක්ෂේපණය වෙන්න පුළුවන් නිසාම ගවීෂ් හිත හදන් අනිත් පැත්ත හැරුනේ ඇස් දෙක පියාගෙනම නිදිමතේ ගුලි වෙන ගමන්...
ම්ම්හ් අද පෙරහැර... ආයේ නෑ උදේ ඉදන්ම මදි නොකියන්න බලන්න දේවල් ඉතිරියි....ආයේ අර විකාර ඇදුම් ටික අදින්නත් තියෙනවානේ... නැගිටින්නම එපැයි ඉතින්.... තාම දම් පාටින් වගේ අමුතුවට පේන යන්තං එළිය වැටිගෙන එන අහස දිහා එක ඇහැක් ඇරලා බලපු ගවීෂ් අත් දෙක දිගඇරලා කම්මැලිකම යැව්වේ තව ඈනුම් දෙක තුනක්ම පෝළිමට යවන ගමන්..... කො අරකා ? ගවීෂ් ගලේ හාන්සි වෙලාම එහා පැත්ත හැරුනේ ගල උඩ එහා පැත්තේම වාඩි වෙලා එයාගේ ෆෝන් එකේ මොනාද බලන මියුන් දිහාවට...
'' මොනවාද උබ උදේ පාන්දර බලන්නේ ? '' ගවීෂ් ෆෝන් එකට එබෙන්න නැගිටින්න කම්මැලිකමට ඇහුවේ යන්තං යන්තං කවුද කවුද මොනවද කියවන ඒවා ඇහෙන නිසා.. මොකා එක්ක මල් කඩනව ද මන්දා...