මියුන් !!! යකෝ ඌ තනියම පහළට ඇවිත් !!!! මේ කලබල සේරම අස්සෙ ඒකත් !!! ඒත් ඒක පැත්තකින් තියමුකො... ඩියෝන් එක්ක පානිය බලහන්කෝ... චහ් , ...මුන් දෙන්නා කවදද මෙච්චර ෆිට් උනේ....මියුන් බරටම ඔළුව පහත් කරන් ඉදපු ඩියෝන්ට මොනවද කියලා පිටටත් තට්ටුවක් දැම්මේ ගවීෂ් කටත් ඇරන් බලන් ඉද්දි....
" වින්ද්... ඒයි මේ.... වින්ද්... මෙහෙ වරෙන්කො පොඩි බඩ්ඩක් පෙන්නන්න... " ගවීෂ් රහසින් කතා කළේ අරවින්ද්නුත් හදිසියට පුටුවත් පෙරලන් නැගිටල දොරෙන් ශේප් එකේ එබෙද්දි.... මියුන් කතා කරන ඒව මේ හරියට පැහැදිලිව ඇහෙන්නෙ නැ.. ඇයි ඉතින් මේ ලබ්බේ සේරම සවුන්ෆ්පෲෆ්නෙ.... කොම නමුත් මෙච්චර වෙලා හෙන ගැම්මෙන් ඉදපු ඩියෝන් මියුන්ට සෑහෙන විස්තරයක් කියලා අන්තිමට උගෙන් උපදෙසක් බලාපොරොත්තුවෙන් බලන් ඉදියේ අරවින්ද් ඒකට කට ඇද කරද්දි... මියුන් පහළට ආපු එකට වඩා දෙන්නටම ලොකු නිව්ස් එක තමා ඩියෝන් - මියුන් දෙන්නගේ රහස් කතාව .... මියුන් ටික වෙලාවකින් ඩියෝන් කියපු එක අහන් ඉදලා ඔළුව වැනුවේ මේ මාස දෙකට මූණ පුරා වැවිලා තිබ්බ රැවුල් කොටත් පිරිමදින ගමන්.... මියුන් උත්තරයක් දෙන්න කලින් ඩියෝන් පහත් හඩින් තව මොනවද කුටු කුටු ගෑවේ අතකුත් හෙන බැරෑරුම් විදියට නළලට තියාගෙන...
" මොනාද බන් එච්චර ?" ගවීෂ් අරවින්ද්ගෙන් ඇහුවේ කට උල් කරන්....
" මටත් පේන්නේ උබට තව බූට් එකක් සෙට් වෙන්න වගේ යන්නෙ... " අරවින්ද් හිතක් පපුවක් නැතුව කියලා දැම්මේ ඒ සැරේ ප්රධාන දොර ඇරන් ඇතුළට ආපු සනෝශ් තනෝශ් ඩබල මියුන් දිහායි ඩියෝන් දිහායි බලන් නවතිද්දි.... මියුන් මේ මාස දෙකේ ඉදියේ උන්ට අනුව අප්ලොශ් එකෙන් එළියේ නිසා උන් දෙන්නත් මියුන්ව දැකලා ගැස්සෙනවා උරුමයන් දෙක බලාගෙන....තනෝශ් නම් හෙන උනන්දුවෙන් මියුන් ගාවට දුවන් ආවට සනෝශ් නම් සුපුරුදු හැගීමක් නැති මූණෙන් සාක්කුවට අත් දෙකත් ඔබන් ඇවිදන් එනවත් උරුමයන් දෙක බලාගෙන...
ඒ දෙන්න ආව කියල එතන වැඩි වෙනසක් උනේ නැ ... ඒත් අර ඩබලගෙන් කතාව නම් නැවතුනා....
මියුන් ශේප් එකේ ඩියෝන්ට වැලමිටෙන් අනිනවත් දැක්ක ගවීෂ් කට ඇද කළේ අරවින්ද් ඇස් හීනි කරද්දි.... මුන් දෙන්නා සේම් ඒජ් බව ඇත්ත.... ඒත් ළගදි ඉදන් ඒ සේම් ඒජ් ෆිට් එක හොදට ඉහවහා ගිහින්... අර චිප්ස් කිස් එකෙන් පස්සේ තමයි මේ සේරම....පෆ්ෆ්ට්.... ගවීෂ්ගේ ඔළුවෙන් වෝනින් එක දුන්නේ මිනිහා ආයේ තොල් උල් කරද්දි... නෑ නෑ ඒම මේ ඉරිසියාවකට එහෙම නෙවෙයි හරිද ".!....