A/N -

23.9K 1.9K 2.1K
                                    

අප්ලොශ් එකෙන් ඇතුළට ආව මුරණ්ඩු ළමයි වෙත,

ඔයාලව දැන් ඕක් ගස් දෙකක් මැද්දෙන් අප්ලොශ් එකෙන් එළියට පිටමං කරන්නයි මම හදන්නේ..... ඊට කලින් ඔයාලට මොනවා හරි කියන්න එපැයි... කෝමද පටන් ගන්නේ ඉතින්.... ( දැන් නම් ඇත්තටම භාතිය බූතයට වගේ වචන පැටලැවෙනවා මට....)

එයාල බ්‍රින්ධව් කන්දේ උඩ දාලා දුවගෙන ආවට පස්සේ දවස් තුනක් තිස්සේ හොදට අතුරුදහන් වෙලා ඉදපු මම ඉතින් මේ ටිකත් කියලා යන්න කියලායි ආවේ...... ඇත්තටම මේක ඉවර කරපු ගමන්ම මම , නිකන් දේශගුණික කලාප මාරු කරනවා වගේ පොත් ටික දිග ඇරන් මේසේන් වාඩිවුනා... ඇත්තටම මං පරක්කුයි, ඔයාලව අප්ලොශ් එකෙන් එළියට යවන්න ඉදියේ මාර්තු අග... ඒත් දැන් මැයි මාසේ අගටම ඇවිත්.....ඉතින් කෝම හරි, මේ දිග ගමන ඉවර කරපු එක වෙනුවෙනුත් සටහනක් තියන්න ඕන කියලා මට හිතුනා....

මම අනුමාන කරන විදියට ඔයාල ගොඩක් අය මේම මං කියලා මනුස්සයෙක් ඉන්න බව දැනගත්තේ Plot23 නිසා වෙන්න ඕන.. ඒකත් පෙබරවාරියෙන් පස්සේ... ඉතින් ඇත්තටම මේක තවමත් ආධුනික ලියන්නෙක් විදියට මගේ වට්පැඩ්වල පස්වෙනි අවුරුද්ද... මතක් කරන්න ආස අවුරුදු වගේම , ආස නැති අවුරුදු එක්ක වට්පැඩ් කියන්නෙ මගේ ජිවිතේ ලොකු පාඩම් ඉගෙනගත්‍ත තැනක්...

ofc , the most hated wattpad author ever. ඒ ටයිටල් එක නම් අනිවාරෙන්ම මගේ..... කවුරුහරි ඒක එහෙම නෙවෙයි කියනවා නම්, මම hate උන විදිය දැකලා නැහැ ... මට ආපු ප්‍රශ්න දැකලත් නෑ... ( බලන්න ඉතින් , හේට් උනා කියලා ගැම්මෙන් කියන හැටි!!...)  Ledge_D කියන නමින් ලියපු අග්නි , වට්පැඩ්වල පළවෙනි හිස්ටොරිකල් බීඑල් එක .. ඒක මට අමතක කරන්න බැරි අත්දැකීමක්... wattpad කතාවකට චිත්‍ර , කවි ලැබෙන ඒ අත්දැකීම මුලින්ම විදපු එක...! ලස්සන හැමදේම කට්ටක් තිබ්බා වගේ අග්නි නිසා කාපු දැවැන්ත කටු නැතුව නෙවේ.... ඒක තමයි අද ඔයාලට Ledge_D කියන නම වෙනුවට Bulbz_D කියලා නමක් පේන්නෙයි , කලින් නමට වෙන එකවුන්ට් එකක් පේන්නෙයි... ( මේවා ඔයාල එක්ක පම්පෝරි ගහන්නැතුව කාත් එක්ක කියන්නද කියන්නකෝ.... අනිත් අය වගේ මගේ ලැබුන ආදරේ විතරක් නෙවේ විවේචනත් තියේ පම්පෝරි ගහන්න... ඉතින් ඇත්තටම මට ඒ ගැන සන්තෝසයි තමයි !! ) 

-P23 -Where stories live. Discover now