ලෙනින් මහත්මිය වෙතට.. !! ,
මං ඇත්තටම දැනගෙනයි ඉදියේ, අර රතු පොත් දෙක කියෙව්වම ඔයාට මෙහෙම සිද්ධ වෙනවා කියලා...!! ඒත් සමාජවාදය ගැන බොරුවට කතා කරන ගෑනු ළමයින්ට වඩා ඔයා ඒක තේරුම් අරගෙන කියලා මට හිතුනේ... මගේ කෙල්ල කොහොමත් මෝඩයි !! , ඒත් පොඩ්ඩක් යමක් කමක් තේරෙනවානේ....
අහ්, මට හිතෙන්නේ , ඔයාගේ සහෝදර සහෝදරියොන්ගෙන් ගොඩක්ම ඔයා වගේ කෙනා ඔයාගේ චූටි මල්ලි.. මොක ද දන්නව ද මං එහෙම කිව්වේ ? එයාට ඔයාට වගේම හොද හදවතක් තියෙනවා... එයාලාට නීති උගන්නන්න ආශ්‍රමයට යවනවානේ අවුරුදු හත වෙනකම්.....ක්‍රිෂාර්යා පොඩි උනාට හරි දගයි !! කොල්ලොන්ට පවා ගහනවා ...ඉතින් නිශා කොහොම ද කියන්නකො ඒ ඇට්ටර ආච්චිව බලාගන්නේ ? දවසක ආශක්‍යසිංහ පරම්පරාව ගිනි තියාවි මේ කෙල්ල...
අහ් කතාව තමයි , නිශාගේ ඇස් කළු පාට නිසාම ඔයාගේ සූදූට තේරුමක් නැද්ද කොහේ එයා ආශක්‍යසිංහ කෙනෙක් කියලා.. හැමදාමත් නිශාගේ අතින් අල්ලගෙන එයාව එළියට එක්කගෙන එන්නේ ඔයාගේ සුදූ තමයි......මං දැන් දවස් දෙක තුනක්ම දැක්කා ළමයො.... ඔයා සුදූව හොදට ලොකු කරලා මගේ කෙල්ලේ... ( මං මේ කියන්නේ වේඝර්ණලා එක්ක මට නම් එච්චර හොද ඉතිහාසයක් නැති නිසා !! ) අහ් ඔයාගේ අර මහ ලොකු ඉසිවර පැණි මුට්ටිය තමයි එපාම කරපු එකා... !! (නෑ ඉරිසියාවට නෙවේ කිව්වේ , ඒත් ) කෝමත් ඕකා ගානට වැඩියි... ඔයා එක්ක හිනා වෙනකොට මට උගේ බුලත් විට හපපු ලෝබු කටට බෝබු වෙන්න දෙන්න හිතෙනවා !! මේ ඇත්තමයි... ඒත් මං තියා මගේ බව්වාවත් උගේ කටට නම් දෙන්නෑ.... ( නෑ මගේ අහිංසක ගැනු ළමයො , ඔයාට ඒක තේරෙන්න විදියක් නැ.... )
ඉතින් හරිම මහන්සි හිතෙන සති අන්තයක් , මගේ ඇපල් මල... මං මේ ලියපු අප්‍රභංස කියවන කොටම ඔයාට තේරෙන්නත් ඇති මට මහන්සි බව... ඇත්තටම මට දැන් ඕන ඔයාගේ උකුල උඩ ඔලුව තියාගෙන තත්පරේකට ඇස් පියාගන්න විතරමයි !!... ඔයා දන්නවත් ඇති මෙහේ පොඩි කැරැල්ලක් ගියා ඩ්‍රොමිඩාලාගේ... පුරුදු විදියට අන්තිමට මගේ අත්වල ලේ ගෑවිලා එ් ලේ පිපාසේ සන්සිදුනා...
ඉතින් ඔයාට කොහොම ද ? මං බලාගෙන ඉන්නේ දිග ලියුමක් එනකම්.... ( සමහර විට අවස්ථාවක් ලැබුනොත් ඔයාව මුණගැහෙන්න.... )