එයා දිග ඇරගෙන ඉදපු පොත වහලා දාපු මියුන් ඒක උඩින්ම ඔළුව තියාගත්තේ මේසේටත් අතින් පාරක් ගහන ගමන්.. මේ සතිය පුරාවටම මුළු විලේජ් එකේම කතාව යුවනිදු වේඝර්ණාරච්චිගේ හදිසි මරණය.... දෙක මෙතුල වේඝර්ණාරච්චිගේ දරුණු නෙරපීම.... තුන , සති තුනකින් එන ගවීෂ් වේඝර්ණාරච්චිගේ එන්ගේජ්මන්ට් එක.... වේඝර්ණාරච්චි පැත්ත ගිනි ගනිද්දි , ආශක්‍යසිංහ පැත්ත කුණාටුවකට කලින් වගේ සන්සුන් වෙලා තියෙන්නේ හොදකට නම් නෙවේ කියලා හැමෝගේම යටි හිත දන්නවා.... සතියටම වේඝර්ණලාගේ පැත්තෙන් වචනයක්වත් නෑ.... ගවීෂ් ඇතුළු දෙවෙනි පරම්පරාවේ කිහිප දෙනෙක් නම් , යුවනිදුගේ ෆියුනරල් එකට රට ගියා කියන්න මියුන් දන්නවා....
'' මියුන් ? '' මෙතුලගේ කටහඩ වෙනදා වගේම සන්සුන්... ටයිට්‍රැක්ස් එකේ කෙලවරේ මේසේ තනියම වාඩි වෙලා ඔලුව ගහගෙන ඉදපු මියුන් ගාවට ඇවිත් මෙතුල වාඩි වුනේ හැන්දෑවත් එක්ක මිනිස්සු ටිකක් අඩු වෙලා නිසා... ඇත්තටම ටයිට්‍රැක්ස් එකට දැන් මිනිස්සු වැඩියෙනුත් එක්ක පිරෙන්නේ මෙතුලව බලාගන්න...නෙරපුවත් හරියට කොච්චර කතා කිව්වත් , ඒ හැම කෙනෙක් එක්කම හිනා වෙලා කතා කරන්න තරම් මෙතුලගේ හිත හය්යයි..... ඉතින් ඥාති පුතාටත් අච්චර දරාගැනීමක් ආවේ කවුරු නිසාද කියලා අමුතුවෙන් හිතන්න දෙයක් නෑ... එයා අහපු විදියට , වේඝර්ණාරච්චිලා මෙතුලව නෙරපලා තිබ්බේ ඒ තරම්ම සවුත්තු විදියට...
'' ඇයි දරුවාේ ඔළුව රිදෙනවා ද? '' මෙතුල ආයේ ඇහුවේ මියුන්ගෙන් සද්දයක් නැති නිසා...මේ වෙලාවේ හැමෝම ඉන්න තත්වේ ගැන මෙතුලට ඇගිල්ලෙන් ඇන ඇන කියන්න ඕන නෑ... සතියක් තිස්සේ මේ දරුවත් හොද සිහියෙන් නෙවේ....
'' හිටි ගමන් විල්ලුවේ හුළග වැඩියි... කලින්ම පාවෙලා ආපු දුටුසපුට රේණු නොදැක්ක වගේ ඉදපු එකයි වැරැද්ද !!!...... '' මියුන් ඔළුව ගහගෙනම මිමිණුවේ ඇහෙන නෑගෙන ගානට.... එක අතකට ගවීෂ්ගේම අනිත් එක තමයි මේ කෝලමත්....
'' ආහ් එතකොට මේ පාළු හිතුන හායසින්ත් මලක් ද ?..''
'' නෑ... තද පෑවිල්ලත් අල්ලන් ඉන්න ඇස්ටර් මලක්...!!! '' මියුන් කිව්වේ මෙතුල යන්තං හිනා වෙද්දි... එයා එක්ක මේ විදියට මේ සතියේම කතා කරලා දැන් මෙතුලත් දන්නවා මියුන් හැරෙනකොට....