කොල්ලො දෙන්නම එකට සීට්වලින් නැගිටපු එක නෝට් කරපු අරවින්ද් පවා එයා ඇලවෙලා ඉදපු තැනින් යන්තන් කෙලින් උනේ, කොකටත් වගෙ... තාමත් පපුවට අත තියාගෙන ගවීෂ් දිහා බලාගෙන ඉදපු මියුන් කියවගන්න බැරි බැල්මකට පස්සේ ආයේ නිශ්ශබ්දවම වාඩි උනේ ගවීෂ්නුත් සීට් එක දිගේ ලිස්සලා ගිහින් ආයේ මුකුත් නොවුන ගාණට වාඩි වෙද්දි... වාසනාවකට සිද්ධිය කාටවත් ඒ හැටි නෝට් නොවෙච්ච බව තේරුන ගවීෂ් අරවින්ද්ට ඕකේ එක දුන්නේ යන්තන් ඔළුව වනලා.....
මියුන් මොකද ඒ එක සැරෙට ?? ඒකත් පපුවට අත තියාගෙන... ?? ආයේ සන්සුන් වුනාට පස්සේ , ඒ සැරේ නම් මියුන් කෙලින්ම කවුළුවෙන් ඔලුව දැම්මේ ගවීෂ්නුත් කවුළුවෙන් එළියට ඔළුව ඔබද්දි....
මියුන් ඉදල ඉදලා ඇස් දෙක පුංචි කරන් ඒ පැත්තට හැරුන විදියට ගවීෂ් නළල රැලි කලේ තත්ත්පරයක පරක්කුවට... අහ් හරිනේ !!! ඉර බහින්නේ ගවීෂ්ගේ පිටිපස්සෙන්.... ඉතින් ඒ ඉර එළියේ සැරට තමා කොල්ලා මෙච්චර වෙලා ඒ පැත්තට නිකමටවත් නොබැලුවේ... ඒත් දැන්....--
ගවීෂ් ඉන්නේ ඒ පැත්තේ කියලා දැනගත්තම මියුන් ඇස් දෙක පුංචි කර කර බලන විදියට ලෝබත් හිතෙනවා... මොකද සීයට දාහක් විශ්වාසයි සැරින් සැරේට එයාගේ දර්ශන පථයට ඉර එළියෙන් ලොකු ෆ්ලැෂ් ලයිට් එකක් ගහනවා ඇති.... ඒ මූණ ඉඹින සැර ඉර එළිය..... ගවීෂ් ෆෝන් එක ඇදලා ගත්තේ මියුන්ගේ ෆොටො එකක් ගහගන්න... ඇස් පුංචිකර කර නළලට උඩින් අත හරහට තියාගෙන ඉර එළියට රවන මෝඩ කොල්ලෙක්ගේ පින්තූර හැමදාම ගහන්න වෙන්නේත් නෑනේ.....
ඉර එළියත් පිච්චෙන්නම අමුතු ආඩම්බරකමකින් ඉර එළියටම රවන සැර බලන්නකෝ ඉතින්.... !!
එයාගේ ෆෝන් එකෙන් මියුන්ගේ මූණට ඉර එළිය වැටෙන විදියයි, එයා ඉර එළියට රව රවාම ඇස් පුංචි කරලා බලන විදියෙයි හතර අතට ෆොටො ගහපු ගවීෂ් , ඒ ටික කෙලින්ම මියුන්ට සෙන්ඩ් කෙලේ කවුළුව අස්සෙන් එයාට ෆෝන් එක උස්සලා පෙන්නන ගමන්.... හරි, මිනිහත් ෆෝන් එක සාක්කුවෙන් ඇදගත්තේ අනිවාරෙන්ම ගවීෂ්ගේ වික්රමේ මොකක්ද කියලා බලන්න තමයි...
ෆොටොස් ටික විතරක් යැව්වා නම් බැරිය... යටින් හෑලි කැප්ෂන් එකකුත් කොටන්න ගවීෂ් අමතක කලේ නෑ.....