'' මං කොල්ලෙක් සුදු මාමේ.. මොන මගුලකටද මෙච්චර ෆේන්ට් වෙන්නේ ? '' ගවීෂ් ඇහුවේ සුදු මාමා එයාට දිපු ඇපල් ගෙඩියෙන් ලොකු කටක් කටේ ඔබාගෙන ගමන්.. මොන ලැජ්ජාවක්ද අර ආශක්‍යසිංහ කොල්ලාගේ අත උඩ ෆේන්ට් උනා කිව්වම !!!!..
'' අව්වේ ඉදියාද නැත්තන් බය වුනාද මොකකට හරි ? ''
'' මං මොකටද බය වෙන්නේ ? '' ගවීෂ් රැව්වේ තව ඇපල් කටක් කටේ ඔබාගන්න ගමන්...
'' පරණ හීනෙමද ? '' සුදු මාමාගේ ප්‍රශ්නේට ඒ පාර ගවීෂ් ඇපල් ගෙඩිය පැත්තෙන් තිබ්බා...
'' ඒක හිනයක් නෙවේ !!!! මං ඒක ඇත්තටම දැක්කා..'' ගවීෂ් තදින් කිව්වේ මෙතුල ගවීෂ්ගේ පිටට තට්ටුවක් දාද්දි...
'' එතකොට ඔයා පොඩිනේ ගවීෂ්.. ''
'' පොඩිමත් නැහැනේ සුදු මාමේ... අවුරුදු එකහාමාරක්.. අනික මේ... අපි සාමාන්‍ය මිනිස්සු නෙවේනේ ? '' ගවීෂ් තදින් ඇහුවේ මෙතුල නිශ්ශබ්ද වෙද්දි...
'' ඔයාට හිතෙන්නේ මොකක්ද දරුවො ? ''
'' සීයාට කතා කරනවද නැද්ද කියලා මං මේ හිතුවේ... සියා මේක තදින් හිතුවොත්...... '' ගවීෂ් නැවැත්තුවේ සුදු මාමා දිහා බලලා...
'' කරන දෙයක් හොදට හිතලා කරන්න ගවීෂ්... මොකද - '' මෙතුල නැවැත්තුවේ දොර ඇරගෙන ඇතුලට ආපු මියුන් නිසා... ගවීෂ් රවලා අනිත් පැත්ත හැරුනේ මෙතුල මියුන් එක්ක හිනා වෙද්දි... මොකො යන්න කියන්නද මේක මියුන්ගේ කාමරේ නේ... මියුන් කිසි කතාවක් නැතුව මෙතුලගේ අතට එයා ගෙනාපු මොනවද මොනවද දෙනවා ගවීෂ් බලාගෙන ඉදියා.....
'' ආහ් මෙන්න '' මියුන් ගෙනත් දිපු සබ්බ සකල මනාවම සුදු මාමා ඒ ගැම්මටම එයාට දික් කරනවා බලාගෙන ඉදපු ගවීෂ් සුදු මාමාට රැව්වේ ඒක දෙන්න වෙන වෙලාවක් තිබ්බේම නැද්ද කියලා හිත හිත... ෆ්ලේවර්ඩ් කෝන් ෆ්ලේක්ස් , චීස් , ටිපි ටිප් , චොක්ලට් බිස්කට් .. ම්ම්...ආහ් තව සන් ක්‍රෂ් කෑන් දෙකකුත් තියෙනවා..එක පාරක් ෆේන්ට් උනයි කියලා ලෙඩෙක් ගානට දාලා සලකන එක හරි වැරදියි හැබැයි... ගවීෂ් හිමින් සැරේ ඔළුව උස්සලා මියුන් දිහා බැලුවේ ලෙඩ වෙච්ච මනුස්සයෙක්ට ආස නැති ෆ්ලේවර්ස්වලින් සන් ක්‍රෂ් ගෙනාපු එකට ජාතිය අමතන්න හිතාගෙන..... අපොයි.. ඌ මෙහේ බලාගෙන ද ඉන්නේ... මියුන්ගේ ඇස් දෙකේ යන්තමින් සිතල නැති හිනාවක් ඇදෙනවා ගවීෂ් ආපහු පැයට අංශක බරගානකින් සුදු මාමා දිහාවට හැරුනා.... ඩග් ඩොග් ඩග් ඩොග් ඩග් ඩොග් ඩග්......