04 කොටස

1.3K 274 113
                                    

කමෙන්ට් ගෝල් 50 (කමෙන්ට් කරන්න ළමයි. නිකන් කියවලා යන්න එපා).

"රෙකෝඩ්ස් චෙක් කරනකොට මට හම්බුන දෙයක් තමයි , මැරිච්ච කෙනත් එක්ක හිටපු අනිත් කෙනාගෙ කට උත්තර තුනකම කියලා තියන තරුණ බෝයි කෙනෙක් එයාලත් එක්ක කතා කරලා පාරක් ගැන අහලා තියනවා කියලා. ඒත් ඒක සාමාන්‍ය කරුණක් විදියට තුන් තැනේදීම නොසලකා හැරිලා. ඒත් ඒක අම්බයක් විතරද?"

ඔෆිසර් නම්ජුන් රෙකෝඩ් ෆයිල්ස් චෙක් කරන ගමන් තමාට තියා ගත්තා. ඔය කියන තරුණ කොල්ලා ගැන කිසි කෙනෙක් හොයලා නොබලපු නිසා ඒ කොල්ලාගේ CCTV රෙකෝඩ්ස් වත් ඔවුන් ලග තිබ්බෙ නැහැ. 'අහම්බයකින්' වගේ පාරවල් අහපු තරුණ කොල්ලා තුන් වතාවේදී ම හොයා ගන්න බැරි වෙලා. නම්ජුන් බර කල්පනාවකට වැටුනා. 

නම්ජුන්ගෙ ඔලුවේ වැඩ කලේ එකම දෙයයි. මම මැරිච්ච මිනිස්සු අතර කිසිම සමානකමක් නැත්තෙ ඇයි? ඔවුන් සේරම වැඩිහිටි පුද්ගලයෝ කියන එක ඇරෙන්න!




"හායි"

කැපචීනෝ එකක් අතට ගත්ත ටේහ්‍යුන් මාස්ක් එකක් දාගෙන රෙස්ටුරන්ට් එකෙ තේ බිබී හිටපු වැඩිහිටි පුද්ගලයෙක් අසල වාඩි උනාම ඔහු ටේහ්‍යුන් එක්ක හිනා උනා.

"මට පොඩි උදව්වක් කරන්න පුලුවන් ද සර්?"
ටේහ්‍යුන් වැදගත් විදියට අහනකොට ඔහු සිනාමුසුව හිස සැලුවා.

"ෂුවර් . කියන්න"

"ඩිස්ඩ්‍රොව් රෝඩ් එකට යන හැටි දන්නවාද සර්?"

ටේහ්‍යුන් අහනකොට ඔහු හිනා වෙලා හිස සලලා ටේහ්‍යුන්ට පාර කියනකොට ටේහ්‍යුන් මාස්ක් එක යටින් හිනා උනා. ඒ පුද්ගලයාට තිබුණෙ වැදගත් පාටක්. ඔහු ටයි පටියක් පැළඳගෙන ෂර්ට් එකක් ඇඳගෙන සිටි අතර ඔහු ටේහ්‍යුන් එක්ක කරුණාවන්තව හිනා උනා.

"මයි ගෝඩ්. තෑන්ක්ස් සර්. සර් කිව්ව විදියට නම් මට හොදට තේරුණා. සර් නිවුයෝක් වල ගොඩක් කල් ඉන්නවා වගෙ"

ටේහ්‍යුන් හිනා වෙනකොට ඔහු සිනාමුසුව හිස සැලුවා.

"ඔෆ්කෝස්. මම පොඩි කාලෙ ඉඳන්ම නිව්යෝර්ක් තමයි ඉන්නෙ"

ඔහු කියනකොට ටේහ්‍යුන් හිස සලලා කැපචීනෝ එක දිහා බලන් හිටියා. ටිකක් වෙලා කල්පනා කරලා ටේහ්‍යුන් එයාගෙ ෆෝන් එක එලියට අර ගත්තා.

Tickets To The Hell | taekook ✓ Where stories live. Discover now