කමෙන්ට් ගෝල් 50
ටේහ්‍යුන්ට සිහිය එනකොටම ටේහ්‍යුන් මුලින්ම දැක්කෙ ඔහු දිහා බලාගෙන ඉන්න ජිමින්. ටේහ්‍යුන්ගෙ හිසට බර ගතියක් දැනෙනකොට ඔහු කෙලින් වෙන්න උත්සාහ කලා. ඒ එක්කම ජිමින් ටේහ්‍යුන්ව අල්ලා ගත්තා.
"තෑන්ස් ගෝඩ්. ඔයා හොඳින්"
ජිමින් කියනකොට ටේහ්‍යුන් ඔහුට උත්තරයක් දුන්නෙ නැහැ. අමාරුවෙන් ඇඳ මත ඉඳ ගත්ත ටේහ්‍යුන් ගෙ ඇස් දෙක යොමු උනෙ ඔහුට එහා පැත්තෙ හිස් ඇඳ මත වාඩි වෙලා ඔහු දිහා බලන් ඉන්න ජන්කුක් සහ ජිමින්ගෙ පිටුපස්සෙ ඉඳන් ජන්කුක් ට රවන යුන්ගීට. ඒ වගේම බය උන මූණක් හදා ගත්ත ජිනුත් ටේහ්‍යුන් දිහා බලන් හිටියා. රෝගීන්ගෙ ඇඳවල් උඩ වාඩි වෙනවට ඩොක්ටර්ස්ලා අකමැති උනත් ජන්කුක් ට විරුද්ධව වචනයක් වත් කතා කරන්න කවුරුත් නිර්භීත උනේ නැති නිසා ජන්කුක් ඔහුට අවශ්‍ය දෙය ප්‍රශ්නයක් නැතිව සිද්ධ කලා.
"ටේහ්‍යුන් ඔයා හොඳින්ද?"
යුන්ගී අහනකොට ටේහ්‍යුන් උත්තරයක් නොදී අහක බලා ගත්තාම ජිමින් ජන්කුක් ඔහුට ගෙනත් දුන්න පේපර් බෑග් එක ඇතුලෙන් සුප් එක අරගෙන ඒකෙ ලිඩ් එක ගලවලා ටේහ්‍යුන් අතට හැන්දක් එක්ක දුන්නෙ ටේහ්‍යුන් ඇගට ශක්තිය එන්න ඕනෙ කියලා ඩොක්ටර් කිව්ව නිසා.
"ටේහ්‍යුන් මේක බොන්න කෝ... ප්ලීස්"
ජිමින් කියනකොට ටේහ්‍යුන්ට ජිමින්ට නපුරු වෙන්න හිතුනෙ නැහැ. ටේහ්‍යුන් සුප් එක ගෙනාවෙ ජන්කුක් කියලා දැනගෙන හිටියෙ නැති නිසා ටේහ්‍යුන් සුප් හැන්දක් පුරෝලා ගත්තා. ඒක කටට ලං කරනකොටම යුන්ගී නිකම වගෙ ලිඩ් එක උඩ ගහලා තියන ලේබල් එක දිහා බැලුවා
"ටේහ්‍යුන් ඕක බොන්න එපා!!! ඒක බීෆ් සුප් එකක්.... ජිමින් තමුන්ට පිස්සුද බීෆ් සුප් ගේන්නෙ... එයාට බීෆ් ඇලජික්"
ජිමින් ඇස් දෙක ලොකු කර ගත්තාම ටේහ්‍යුන් හැන්ද අත ඇරියා. ජිමින් ඇස් ලොකු කරගෙන ජන්කුක් දිහා නිරායාසයෙන්ම බලනකොට යුන්ගී ජන්කුක් දිහා බැලුවා.
"මේ මනුස්සයා ද බීෆ් සුප් ගෙනාවෙ? එක පාරක් මරන්න හැදුවා මදි වෙලාද ආයෙ එයාව මරන්න හදන්නෙ??" ජන්කුක් ගෙ මුහුණ දිහා බලපු යුන්ගී අහනකොට ජන්කුක් යුන්ගීට රැව්වා.
YOU ARE READING
Tickets To The Hell | taekook ✓
Fanficමරණයට වඩා භයානක දේවල් තියනවා ජියොන් ජන්කුක්!! taekook Dominant top kook with dominant bottom Taehyung mafia warning : strong language mature content 18+ content sensitive content Cover credit goes to @Armygirl920 Started date : 16 June 2023 Compl...