43 කොටස

919 218 83
                                    

කමෙන්ට් ගෝල් 50

ටේහ්‍යුන් යුන්ගීගෙ ග්‍රේව් එක ඉස්සරහ දණ ගහගෙන ඉන්නකොට ටේහ්‍යුන් එක්ක ආව ජිමින් ඉමොර්ටෙල් ෆලර් බොකි එකක් ග්‍රේව් එක ඉස්සරහ තිබ්බා.  ටේහ්‍යුන්ගෙ ඇස් වලින් ගලාගෙන ගියපු කඳුලක් රූටලා ඇවිත් ග්‍රේව් එක උඩට වැටෙනකොට ටේහ්‍යුන් හුස්මක් උඩට ඇද්දා.

" ඇයි මෙච්චරකට මට ආදරේ කලේ යුන්ගී "

ටේහ්‍යුන් ග්‍රේව් එක උඩට අත තියාගෙන මුමුණකොට ටේහ්‍යුන්ට ඉකි ගැහුනා. බිම බලාගෙන ටිකක් වෙලා ඉකි ගහපු ටේහ්‍යුන් එතන ගහලා තියන යුන්ගීගෙ සිනා මුසු මුහුණ තියන රූපය දෙස කඳුලු පුරෝගෙන බලාගෙන හිටියා.

" ඔව් යුන්ගී... සමහර වෙලාවට අපි ආදරේ කරන අය අපිට ආදරේ කරන්නෙ නැහැ. අපිට ආදරේ කරන අයට අපි ආදරේ කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත"

ටේහ්‍යුන් මිමිණුවේ යුන්ගීගෙ ග්‍රේව් එක දිහා දණ ගහගෙන බලාගෙන ඉන්න ජිමින් දිහා බලන ගමන්. ජිමින් ටේහ්‍යුන් දිහා බලනකොට ටේහ්‍යුන් හිමීට බිම බලා ගත්තා.

"පුලුවන් නම් මට සමාව දෙන්න. ඔයාගෙ ආදරේ මම නිසා... එයාට කවදාවත් ආදරේ නොකරපු මම නිසා......."

"නෝ ටේහ්‍යුන්. එහෙම කියන්න එපා"

ජිමින් ටේහ්‍යුන්ගෙ අත් දෙකෙන්ම අල්ලා ගන්නකොට ටේහ්‍යුන් ඉකි ගහ ගහ අඩන්න පටන් ගත්තා.

"මම නිසා එයා මිනී මරුවෙක් උනා. කිසි වරදක් නොකරපු යුන්ගීට මුළු ඇමරිකාවම සයිකො කිලර් කියනවා. හැමදේම මම හින්දයි.. හැමදේම.."

"නෑ ටේහ්‍යුන්. ඒ වැරැද්ද ටේහ්‍යුන්ගෙ නෙවෙයි. වැරැද්ද තියෙන්නෙ ආදරයේ.. මම යුන්ගීගෙ තැන හිටියා නම් , මමත් මගෙ ජීවිතෙ පරදුවට තියලා ටේහ්‍යුන්ව බේරනවා. ඒ ටේහ්‍යුන් කියන්නෙ යුන්ගීගෙ එකම ආදරේ නිසා..."

ජිමින් කියනකොට ටේහ්‍යුන් කිසිවක් කියන්නෙ නැතිව බිම බලාගෙන ඉන්නකොට ජිමින් යටි තොල හපාගෙන එතනින් නැගිට්ටා.   ටේහ්‍යුන්ව ග්‍රේව් එක ගාව තනි කරපු ජිමින් එතනින් නැගිටලා යනකොට ටේහ්‍යුන් නිශ්ශබ්දව ඉස්සරහ බලාගෙන හිටියා. පැයක් දෙකක් ගත උනත් ටේහ්‍යුන් එතනින් හෙල උනේ වත් නෑ.  ටේහ්‍යුන්ට දැනුනා සීතල යමක් ඔහුගෙ ඇඟට වැටෙනවා. ඔලුව උස්සලා බලපු ටේහ්‍යුන් දැක්කෙ අහසින් හිමීට පතිත වෙන හිම පියලි. ටේහ්‍යුන් තමන්ගෙ නිරුවත් දෑත් අහසට දිගු කරනකොට ටේහ්‍යුන්ගෙ අතට හිම පියලි වැටුනා.

Tickets To The Hell | taekook ✓ Where stories live. Discover now