51 කොටස

980 200 82
                                    

කමෙන්ට් ගෝල් 50

"ගිනි ගැනීමේ අනතුරකින් මිය ගිය මයිකල් ජෝන්ස් ගේ සුලු පියා වන එවාන්ස් ජෝන්ස් දින දෙකකට පෙර අතුරුදහන් වූ අතර, අද රාත්‍රියේදී අත්හැර දමා තිබූ ආදාහනාගාරයක් තුල ඔහුගෙ අර්ධව දැවී තිබුණු සිරුර හමු විය. පොලිසිය සැක කරන්නෙ යමෙක් සිතා මතාම මෙම අපරාධය සැලසුම් කොට ඔහුව ඝාතනයට පත් කොට ඇති බවයි. ඔවුන් පවසන ලෙස ඔහුව ආදාහනය වීමට සලස්වා , මදක් දුර යද්දී එය නැවත ඇත්තෙ ඔහුගෙ සිරුර සම්පූර්ණයෙන් අලු වී නොයන්නට සලස්වා , අපරාධකරු ඔහුගෙ අපරාධය පිලිබඳව දැනුම් දිමට සැලසුම් කල බවයි... මිය යන විට 57වන වියෙ පසු උන ප්‍රභූවරයා ගෙ ඝාතනය පිලිබඳව වැඩි දුර පරීක්ෂණ කිරීමට නිව්යෝක් හි සුප්‍රසිද්ධ පරීක්ෂක නම්ජුන් කිම් භාරගෙන ඇත. මීට පෙර දාම ඝාතක නඩුව සාර්ථකත්වය විසඳූ ඔහු මෙයත්......"

සිටි එකෙ බිග් ස්ක්‍රීන් එක දිහා බලාගෙන මෝටර් බයික් එකෙ බැක් ෂීට් එකෙ වාඩි වෙලා හිටපු ටේහ්‍යුන් ජන්කුක් ගෙ ඉන වටේ අත් යවලා ජන්කුක් ට හේත්තු උනා. ඇස් දෙක වහ ගත්ත ජන්කුක් ටේහ්‍යුන්ගෙ උණුසුම් පහස විඳිනකොට ජන්කුක්ගෙ ඔලුව මැවුනෙ මීට විනාඩි කීපයකට පෙර ජන්කුක් සහ ටේහ්‍යුන් යුන්ගීගෙ මරණෙන් පස්සෙ අතර මගදී නතර කරපු රිවෙන්ජ් එක ආයෙත් පටන් ගත්ත විදිය.

එදා වගේම මෙදාත් සොසයිටි එක මයිකල් වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ කරන්න මැලි වෙනකොට ජන්කුක් ගෙ පරණ මතක ඇවිස්සුනෙ ලේ පිපාසාව වැඩි වෙනකොට. හෙට උදේ එලි වෙන්න කලින් සැනසුම් සුසුම් හෙලන නිව්යෝර්ක් නුවර ආයෙමත් බයෙන් ඇකිලෙන්න පටන් ගන්නවා කියලා ජන්කුක් දැනගෙන හිටියා.

ටේහ්‍යුනුයි ජන්කුකුයි චේන්ජ් කරලා නම්බර් ප්ලේට්ස් සුපුරුදු විදියට මාරු කරලා නිසා ඒ දෙන්නට කලබල වෙන්න දෙයක් තිබ්බෙ නැහැ.

ජන්කුක් ට දැනුනා ටේහ්‍යුන් ජන්කුක් ගෙ ස්විටර් එකෙ කොලර් එක පාත් කරලා එයාගේ නෙක් එක කිස් කරනවා. ජන්කුක් එයාගෙ ඉන වටේ එතිලා තියන ටේහ්‍යුන්ගෙ අතෙන් ඇදලා අරගෙන ටේහ්‍යුන්ව එයාට තවත් ලං කර ගත්තා.

"ලෙට්ස් ගෝ බේබි"

ටේහ්‍යුන් ජන්කුක් ගෙ කනට මුමුණනවා ඇහෙනකොට ජන්කුක් බයික් එක ස්ටාර්ට් කලාම ටේහ්‍යුන් ජන්කුක් ට තවත් තුරුලු උනා.

Tickets To The Hell | taekook ✓ Where stories live. Discover now