50 කොටස

924 209 34
                                    

කමෙන්ට් ගෝල් 50

ජිමින් ටේහ්‍යුන් ජන්කුක් , කැෆේ එකෙ එයාලට වෙන් කරපු ටේබල් එකෙ වාඩි වෙලා බලාගෙන හිටියෙ නම්ජුන් එනකම්. ජන්කුක් උරහිසට ඔලුව තියාගෙන ටේහ්‍යුන් ඔහේ ඈතක් බලාගෙන ඉන්නකොට ජිමින් බිම බලාගෙන අඩන ගමන් හිටියෙ. මයිකල්ගෙ මරණයට දවස් දෙකක් ගිහිල්ලත් පොලිසිය තාම අපරාධකාරයා ව හොයනවා.

පුංචි දරුවෙක් නිසා ගොඩක් දෙනෙක්ගෙ මතය උනේ දරුවා සෙල්ලමක් කරන්න ගිහින් දරුවගෙ සෙල්ලම් කාමරයට ගිනි ඇවිලිලා මයිකල් මැරුනා කියලා. සමහරු කිව්වෙ මිනී මැරීමක් කියලා. මයිකල්ගෙ බාප්පා මයිකල්ව මැරුනා කියලා සමහරු කිව්වා. මයිකල්ගෙ බාප්පා පොලිටික්ස් වලට සම්බන්ධ මනුස්සයෙක් නිසා කවුරුත් එයාට විරුද්ධව ප්‍රසිද්දියෙ කතා කරන්න බය උනා. ඒ අතරෙ ටේහ්‍යුන් ජන්කුක් එකතු වෙලා සාක්ෂි එකතු කරන්න උත්සාහ කලත් එයාලට හම්බුනෙ මැරෙනකොට මයිකල්ගෙ අතෙ ගුලි උන රිදී පාට බ්ලේස්ලට් එකක් විතරයි. පිරිමි අය දාන බ්ලේස්ලට් එකක් උන ඒක කාගෙද කියලා හොයන වගකීම නම්ජුන් බාර අරගෙන තිබ්බා.

පොලිසියෙන් කරපු විමර්ශන වල ප්‍රතිඵලයක් විදියට ඒ බ්ලේස්ලට් එක මයිකල්ගෙ බාප්පගෙ කියලා හොයා ගත්තත් මයිකල්ගෙ බාප්පාට විරුද්ධව ප්‍රබල සාක්ෂියක් උනෙ නැහැ.

ටේහ්‍යුන් දවසක්ම කාලා හිටියෙ නැති නිසා ජන්කුක් ටෝස්ට් ටිකක් ඕඩර් කලත් ටේහ්‍යුන් ඒවට අත තියලාවත් තිබ්බෙ නැහැ. මූසල විනාඩි කීපය ඉවර කරලා ටික වෙලාවකින් කැෂුවල් ඩ්‍රෙස් එකක් ඇඳ ගත්ත නම්ජුන් එයාලා ගාවට ආවා

"හායි... ටොබී.. ඔයාට කොහොමද?"

නම්ජුන් ආපු ගමන් ටේහ්‍යුන්ගෙ ගිලුණු ඇස් දිහා බලාගෙන ටේහ්‍යුන්ගෙ අතින් අල්ලා ගන්න ගමන් ජිමින් ගාව ටේහ්‍යුන්යි ජන්කුක්ටයි මුහුණලා ඉඳ ගත්තා.

"මට කියන්න"

ටේහ්‍යුන් ගොඩ වෙලාවකට පස්සෙ කතා කරපු නිසා ටේහ්‍යුන්ගෙ කටහඩ පවා ගොරහැඩි වෙලා.

"කවුද?"

"කවුද ඒ නරුමයා"

ටේහ්‍යුන් අහනකොට නම්ජුන් එයා ගෙනාව ෆයිල් එක මේසෙ උඩ තියලා එයා දිහා බලන් ඉන්න තුන් දෙනා දිහා බැලුවා.

Tickets To The Hell | taekook ✓ Where stories live. Discover now