38 කොටස

958 194 120
                                    

කමෙන්ට් ගෝල් 50

ඔෆිසර් නම්ජුන් , ඔෆිසර් හොසොක් සහ ඔෆිසර් ඊතර් හොස්පිටල් එකෙ කොරිඩෝ එකෙ ඇවිදගෙන ගියා. නිව්යෝර්ක් වල සැරිසරන සීරියල් මර්ඩර්ගෙ ගන් ෂොට් එකක් වැදිලා මාස දෙකක් විතර සිහි නැතිව හිටපු මිස්ටර් ඩේව් ට අද සිහිය ඇවිත් කියන ආරංචියටයි ඔවුන් තුන්දෙනා හොස්පිටල් එකට ගියෙ. ඔහුගෙන් කට උත්තර සටහන් කර ගන්න අවශ්‍යතාවයක් ඔවුන්ට තිබ්බා. මිස්ටර් ඩේව් හිටියෙ ප්‍රයිවට් රූම් එකක නිසා ඩොක්ටර්ගෙන් අවසර ගත්ත ඔෆිසර්ස්ලා තුන්දෙනා ඔහුව බලන්න ඇතුලට ගියා.

"එක්ස්කියුස් මී"

අද සිහිය ආව ඩේව් හවස් වෙනකොට ටිකක් යථාතත්වයට පත් වෙලා හිටියා. මැදි විය පසු කරමින් හිටපු ඔහුට ඔහුගෙ වයිෆ් සුප් එකක් පොවන ගමන් හිටියෙ. ඩේව් හිනා වෙලා ඔෆිසර්ලාට හිස සැලුවා.

"මට ඩොක්ටර් කීවා ඔෆිසස්ලා එනවා කියලා"

ඔහු හිනා උනාම ඩේව් ගෙ වයිෆ් නැගිටලා ඉඩ දුන්න පුටුවෙ නම්ජුන් වාඩි උනා.

"තැන්කියු රික්වෙස්ට් එක ඇසෙප්ට් කලාට. අපි මිස්ටර් ඩේව්ව වැඩියෙ මහන්සි කරන්නෙ නැහැ"

නම්ජුන් කියනකොට ඔහු හිස සැලුවා.

"මිස්ටර් ඩේව් ට මොකුත් මතක නැද්ද මර්ඩර් ගැන"

ඔහු අහනකොට ඩේව් දුක්බර විදියට හිනා උනා.

"මට මතක එකම දේ බඩු ටික අරගෙන ෂොප් එකෙන් එලියට ආවා. ඇවිල්ලා එදා වැස්ස වගේ තිබ්බ නිසා මම කුඩේ ගන්න බෑග් එකට අත දානකොට ම මට ෂොට් එක වැදුනා. මිනිස්සු කෑ ගහනවා ඇහුණා. ලොකු වේදනාවක් දැනුනා. ඒ එක්කම කලුවර උනා... එච්චර යි"

ඔහු කියනකොට නම්ජුන් හිස සැලුවෙ ඔහුට මර්ඩර්ව දැකලාවත් නැහැ කියලා තේරුම් ගත්ත නිසා.

"මට අහන්න ලැබුනා මට ෂොට් එක තිබ්බෙත් අර සීරියල් කිලර්මයි කියලා. ඒත් මම කාටවත් වැරැද්දක් කරපු මනුස්සයෙක් නෙවෙයි. සීරියල් කිලර් ඇයි මාව මරන්නේ. පොලිසියෙන් මේක සැලසුම් සහගත දාම ඝාතනයක් කියලා කියනවා කියලා මම කෝමා වෙන්න කලින් නිව්ස් වලට දැක්කා. ඒත් ඒ මැරුණු මිනිස්සු මම අඳුනනේවත් නැහැ.. එක්කෙනෙක් ඇර"

Tickets To The Hell | taekook ✓ Where stories live. Discover now