37 කොටස

945 220 155
                                    

කමෙන්ට් ගෝල් 50

නිව්යෝර්ක් මැප් එක දිග ඇරගෙන කල්පනාවට වැටිලා ඉන්න ජන්කුක් ගාවට ගියපු ටේහ්‍යුන් කොෆී එකක් දික් කරනකොට ජන්කුක් ඔලුව උස්සලා බලලා අහක බලා ගත්තා. කිසිවක් කිව්වෙ නැති ටේහ්‍යුන් කොෆී එක මේසෙ උඩ තියලා ඇඳ උඩින් ගිහින් වාඩි වෙලා ඉයරින්ග්ස් දෙක ගලවන ගමන් ජන්කුක් දිහා බැලුවා.

"ලියෝද එතොකට ජෝන්ව මැරුවේ?"

ටේහ්‍යුන් අහනකොට පරිවාසෙ ඉන්න කාලේදී ටේහ්‍යුන්ට තමන්ගෙ කතාව කියලා තිබුණු ජන්කුක් යන්තමින් ඔලුව වනලා ආයෙමත් මැප් එකට තමන්ගෙ අවධානය යොමු කරනකොට ටේහ්‍යුන් සුසුමක් හෙළුවා. කිසිවක් කියන්නෙ නැතිව ෆෝන් එක අතට ගත්ත ජන්කුක් ෆෝන් එකෙ අප්ඩේට්ස් උඩින් පල්ලෙන් බලන ගමන් ජන්කුක් දිහා උනන්දුවෙන් බැලුවා.

"ජන්කුක්"

ටේහ්‍යුන් කතා කරනකොට ජන්කුක් ටේහ්‍යුන් දිහා රවලා බැලුවා.

"වයි?" ජන්කුක් ටිකක් තදින් ඇහුවේ ටේහ්‍යුන් ගැස්සිලා යනකොට. කිසිවක් කිව්වෙ නැති ටේහ්‍යුන් ලොකු හුස්මක් ගත්තා.

"ජන්කුක් ඔෆිසර් නම්ජුන්ගෙ ඩැඩ්ව දන්නෙ කොහොමද කියලා මට කියන්නෙ නැද්ද?"

ටේහ්‍යුන් කියනකොට ජන්කුක් කිසිවක් ටේහ්‍යුන්ට රැව්වා.

"නැහැ!! නව් ලෙට් මී ෆෝකස් ඔන් දිස්"

ජන්කුක් තදින් කියනකොට ටේහ්‍යුන් කිසිවක් කියන්නෙ නැතිව ෆෝන් එක සාක්කුවට දා ගත්තා.

"ජන්කුක් ඒක කැමති වෙලාවක කියන්න. පොඩි කාලෙ කලා වගේම මට පුලුවන් ඕනෙ තරම් වෙලා අහගෙන ඉන්න"

හිමීට මුමුණපු ටේහ්‍යුන් ජන්කුක් ගාවට ඇවිත් ජන්කුක් ලියෝ කිව්ව විදියට රටාව මාක් කරලා තියන තැන් දිහා බලාගෙන හිටියා.

"අද රෑට... මමත් එන්නම්... මාව දාලා යන්න එපා"

මුමුණපු ටේහ්‍යුන් හිමීට පහලට නැඹුරු වෙලා ජන්කුක් ගෙ ලිප්ස් වලට කිස් එකක් දිලා එතැනින් ඇවිදගෙන යනකොට ජන්කුක් ඔහු යන දිහා බලාගෙන හිටියා.

"කෙයා කරනවා වගෙ පෙන්වන්න එපා. අයි හේට් දැට්!!"

ජන්කුක් කියනකොට ටේහ්‍යුන් ගෙ ඇස් වල කඳුලු පිරුනත් ටේහ්‍යුන් ඇස් පිල්ලම් ගහලා ඒ කඳුලු යට ගහ ගත්තා.

Tickets To The Hell | taekook ✓ Where stories live. Discover now