02 කොටස

1.6K 321 97
                                    

කමෙන්ට් ගෝල් 50

වොෂ් එකක් දාගෙන පරණ ඇඳුම්ම ඇඳ ගත්ත ටේහ්‍යුන් ජන්කුක් එනකම් රූම් එක වටේ කොර ගහ ගහ ඇවිද්දා. හදිස්සියේ මේසෙ උඩ තිබුණු ඉරලා වෙන් කරපු පිලිවෙලක් නැති පත්තර කෑලි ටිකක් දැක්ක ටේහ්‍යුන් එතන වාඩි වෙලා ඒ දිහා බැලුවා. හැම පත්තර කෑල්ලකම තිබ්බෙ නිව්යෝර්ක් වල වෙල තේරුමක් නැති මර්ඩස් ගැන. මේ හැම මර්ඩර් එකක් පිටිපස්සෙම ඉන්නෙ එකම කෙනෙක් කියලා එයාලාට හිතිල තිබුණෙ උණ්ඩ වර්ගය නිසා.

ටේහ්‍යුන් යුන්ගී ලග හිටපු කාලෙත් මේ මර්ඩස් ගැන දැකලා තිබ්බට එයා ඒවා ගැන අවධානයක් යොමු නොකලා වගේම යුන්ගී කිව්වෙ "මොලෙ නරක් උන පිස්සෙක් හතර අතේ වෙඩි තිය තිය යනවා " කියලා සහ ටේහ්‍යුන් මොනවා නැතත් ඒක විශ්වාස කලා.

"යූ ඈස්හෝල් , එතකොට ඒ පිස්සා තමුන්ද?"
ටේහ්‍යුන් හිනා උනාත් ඔහුට පුදුමයක් දැණුනෙ ජන්කුක් ඒ වගේ කාරණයකට පෙළඹුනෙ ඇයි කියන කාරණේ හිතට දැනෙනකොට.

"පුදුමයකුත් නෑ"

තමාටම සමච්චල් සහගත හඩින් කියා ගත්ත ටේහ්‍යුන් පත්තර වල තියෙන ආර්ටිකල්ස් පෙරල පෙරලා බැලුවා. එකකවත් හරියට ජන්කුක් ගෙ ෆේස් එක තිබුණෙ නෑ වගේම යන්තම් පෙනෙන තැන වල ජන්කුක් හිටියෙ මූණ කවර් කරගෙන. ඒත් ඒ ඉන්නෙ ජන්කුක් කියලා අදුනා ගන්න ටේහ්‍යුන්ට අමාරු උනෙ නැහැ. ටේහ්‍යුන් තරම් ජන්කුක් ව අඳුනන කෙනෙක් නැහැ.

රූම් එකෙ දොර ඇරෙනවා ඇහෙනකොටම ටේහ්‍යුන් ඒ පැත්ත හැරිලා බැලුවා ම ටේහ්‍යුන් දැක්කෙ එතන හිටගෙන ඉන්න ජන්කුක්. ඔහු උදේම හොට් වෝටර් බාත් එකක් අරගෙන තිබ්බ නිසා තරමක් දිග කොන්ඩෙ මූණට වැටිලා ජන්කුක්ව පෙනුණෙ හොට් විදියට.

"ෆකින් බිච්ස් සන්. තමුන් මට පිස්සු හදනවා"

ටේහ්‍යුන් කෙල ගිල්ලා. හැගීම් හංගා ගත්ත ටේහ්‍යුන් ඔහු එක්ක සමච්චල් සහගත විදියට හිනා උනා.

"තමුන් එහෙනම් සීරියල් කිලර් කෙනෙක්. ඊටත් වඩා හරිම වචනෙ පිස්සෙක්"

ටේහ්‍යුන් ජන්කුක් ඉරලා තියා ගත්ත ආර්ටිකල් එකක් ජන්කුක් ට පෙන්වන කොට ජන්කුක් ඔහුට උත්තරයක් දෙන්නෙ නැතිව ඉස්සරහට ඇවිත් ගන් එක අතට ගත්තා.

Tickets To The Hell | taekook ✓ Where stories live. Discover now