12 කොටස

1K 234 122
                                    

කමෙන්ට් ගෝල් 50

ජන්කුක් ගිනිජාලාවක් මැද්දෙන් වේගයෙන් දුවගෙන යන ගමන් හිටියා. ඒ නිවසෙ හැම තැනම පැතිරිලා තිබ්බෙ ගින්දර විතරයි. ගින්දර නැති තැන් බේර බේර වේගයෙන් දුවපු ජන්කුක් දැක්කෙ සාලය මැද වැටිලා ඉන්න පුද්ගලයෙක්. ඔහුගෙ මුහණ පෙනුනෙ නැතත් ජන්කුක් ඔහුව අඳුනා ගත්තා.

"ටේහ්‍යුන්!!"

ජන්කුක් කෑ ගහනකොට ටේහ්‍යුන් ඔහු දිහා හැරිලා බැලුවා. ටේහ්‍යුන් සම්පූර්ණයෙන්ම ලේ වලින් නෑවිලා හිටියෙ. ටේහ්‍යුන් ජන්කුක් දිහා අසරණ විදියට බලන් හිටියා.

"යන්න" ටේහ්‍යුන් තොල් මැතිරුවත් ජන්කුක් ඒක ගනන් ගත්තෙ නැතිව ටේහ්‍යුන් ගාවට දුවගෙන එන්න හැදුවත් ටේහ්‍යුන් වටේට ගිනි ජාලයක් රවුමට ඇවිලුනා

"ජස්ට් ලීව්.."

"නෝ...!!"

ටේහ්‍යුන් ටිකෙන් ටිකෙ පොලොව ඇතුලට ඇදලා ගන්නවා ජන්කුක් ට තේරුනා. ටේහ්‍යුන් කෙමෙන් කෙමෙන් පොලොව ඇතුලට ගිලා බහිනකොට ජන්කුක් අසරණ විදියට බලාගෙන හිටියා. ටේහ්‍යුන්ව සම්පූර්ණයෙන්ම පොළොව ඇතුලටම ගිලි බහිනකොට ටේහ්‍යුන් හිටපු තැන ගින්දර ජාලාවක් හට ගත්තා. ඒ ගින්දර නිවෙනකොට ටේහ්‍යුන් එතැනින් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා. ජන්කුක් එතනට ගිහින් පිස්සුවෙන් වගෙ පොලොවට ගහ ගහ ටේහ්‍යුන්ව හෙව්වත් ටේහ්‍යුන් නෙවෙ උත්තර දුන්නෙ.

"යූ කාන්ට් ලීව් ලයික් දිස්. යූ ෆකින් බිච්.. ටේහ්‍යුන්!! මාව මෙහෙම දාලා යන්න බෑ.. යූ බිච්!! ජස්ට් ආන්ස්වර් මී!!"

ජන්කුක් කෑ ගහනකොට ජන්කුක් ට එයා ගැස්සිලා යනවා වගෙ තේරුනා.





ඒ එක්කම ජන්කුක් ගැස්සිලා ඇහැරුණා. ජන්කුක් දාදියෙන් නෑවිලා හිටියෙ. ජන්කුක් වටපිට බලනකොට ජන්කුක් දැක්කෙ ජන්කුක් දිහා උනන්දුවෙන් බලාගෙන ඉන්න ටේහ්‍යුන්ව. ටේහ්‍යුන් හිටියෙ දිග ටවල් එකක් පපුවට තද කරගෙන. ඒකෙන් ටේහ්‍යුන්ගෙ පපුව යන්තමිනුයි යටි කයයි විතරක් වැහිලා තිබුනා. ටේහ්‍යුන් කියන්නෙ මායාවක් නෙවෙයි කියලා තේරුම් ගත්ත ජන්කුක් ඇඳ උඩ වාඩි උනා.

Tickets To The Hell | taekook ✓ Where stories live. Discover now