27 කොටස

943 220 132
                                    

කමෙන්ට් ගෝල් 50

"මෙයා තමා මමාව මැරුවේ.... එයාව ඇරෙස්ට් කරන්න... ප්ලීස්..එයා තමා අනිත් අංකල් වත් මැරුවේ... කුකී දැක්කා!! කුකී දැක්කා...!! එයාව ඇරෙස්ට් කරන්න..."

ජන්කුක් උසාවිය මැද නැගිටලා කෑ ගැහුවේ එයාගෙ බාප්පාව නිදොස් කොට නිදහස් කරපු උසාවියට. බාප්පාගෙ බොරු කඳුලු විශ්වාස කරලා එයාගෙ මමා ව රේප් කරලා මැරුවේ බාප්පාගෙ යාලුවා වගේම ජන්කුක් ගෙ මමා එයාව ජීවිතාරක්ෂාවට මැරුවා කියලා ඔප්පු කරන්න බාප්පාට පුලුවන් උනා. ජන්කුක් ගෙ මමාගෙ ඇඟ ඇතුලෙ තිබිලා බාප්පා ගෙ යාලුවා ගෙ ස්පර්ම්ස් හම්බුනා ට පස්සෙ විවාදයක් තිබුණෙ නැති උනත් කුකී කවුද වැරදි කාරයා කියලා හොඳටම දන්නවා. බාප්පා ජන්කුක් දිහා බලලා හිනා උනා.

"එයා කම්පනයට ලක් වෙලා. මම නිදහස් උන ගමන් එයාව ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනියනවා"

තවත් බොරු කඳුලු දෙක තුනක් හෙලුව මැතිව් කියනකොට ජන්කුක් කෑ ගහලා අඩන්න පටන් ගත්තා.

"එයා බොරු කියන්නෙ... එයයි මගෙ මමාව මැරුවේ... එයාට ඕනෙ මමාගෙ දේපල..... එයාට ඕනෙ මමාගෙ දේපල...."

ජන්කුක් කෑ ගහනකොට බාප්පා ජන්කුක් ගාවට ඇවිත් ජන්කුක් ව බදා ගත්තෙ හැමෝම බාප්පා දිහා ප්‍රසංසනීය විදියට බලාගෙන ඉන්නකොට.

"ඔව්.. ජන්කුක් මම තමා මමාව මැරුවේ. ඒ මෝඩ ගෑණි මට අන්දයෙක්ට වගෙ ආදරේ කලා. ආදරේ මිනිස්සුන්ව අන්ධ කරවනවා. ආදරේ මිනිස්සු දුර්වල කරනවා"

බාප්පා ජන්කුක් ට රහසින් කියනකොට ජන්කුක් කෑ ගහගෙන බාප්පා ගෙ බෙල්ල මිරිකන්න උත්සාහ කලත් එතන හිටපු ඔෆිසස්ලා දෙන්නෙක් ජන්කුක් ව බලේට එලියට අරගෙන යනකොට ජන්කුක් කෑ ගහ ගහ අඩන්න පටන් ගත්තා.

"මමා කුකී හොඳ ළමයෙක් වෙනවා මමා. මමා අද ඉඳන් කුකී හැමදාම පාඩම් කරනවා. කුකී ස්වීට්ස් වර්ග කන්නෙ නැහැ මමා. කුකී හැමදාම පලතුරු කරනවා.... අනේ මමා කුකී ව දාලා යන්න එපා මමා...!!"

"කුකී හොඳ ළමයෙක් වෙන්නම් මමා... යන්න එපා.. ආයෙ එන්න..ප්ලීස්....."

______

ජන්කුක් එක් වරම ගැස්සිලා ඇහැරෙනකොට ජන්කුක් දාඩියෙන් නෑවිලා ගිහිල්ලා තිබ්බා. ඔහුගෙ හිස තදින් රිදෙනකොට ජන්කුක් පපුවෙන් සහ බඩෙන් දැනෙන වේදනාව දරා ගන්න උත්සාහ කරමින් කාමරේ පුරාම දෑස් යැව්වා. ජන්කුක් මුලින්ම දැක්කෙ ඔහුගෙ අතට සම්බන්ධ කරලා තියන සේලයින් එක. හිස හරවලා අනිත් පැත්ත බලපු ජන්කුක් ඔහුගෙ ඇඳෙ තමන්ගෙ එහාපැත්තෙ ගුලි වෙලා ඉන්න ටේහ්‍යුන්ව දැක්කා. ජන්කුක් ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා.

Tickets To The Hell | taekook ✓ Where stories live. Discover now