කමෙන්ට් ගෝල් 50
ටේහ්‍යුන්ගෙ ඇස් ඇරෙනකොට කාමරයට ආලෝකයක් වැටෙනවා ඔහු දැක්කා. බිත්ති ඔරලෝසුවේ හය පහු වෙලා විනාඩි දහයක් කියල සටහන් වෙලා තියනවා දැක්ක ටේහ්‍යුන්ට ටිකෙන් ටිකේ කලින් දවසෙ මතක අවධි වෙනකොට ටේහ්‍යුන් වටපිට බැලුවේ ඇඳේ දිගා වෙලාවයි. ඒ එක්කම ටේහ්‍යුන් දැක්කෙ ටේහ්‍යුන්ගෙ එහා පැත්තෙ ඉඳගෙන බෙහෙත් වගයක් චෙක් කරන ඩොක්ටර් ජින්.
ඊට පිටිපස්සෙන් එතන තිබ්බ කවුච් එකක් උඩ ඉඳගෙන ම නින්ද ගිහින් තිබ්බ ජන්කුක් දැක්ක ටේහ්‍යුන් ගෙ කට කොනකට හිනාවක් ආවා.
"ඔහ් මිස්ටර් කිම් ඔයා නැගිට්ටද?"
ජින් අහනකොට ටේහ්‍යුන් ඔහු දිහා බලලා ටිකක් හිනා උනා.
"ටේහ්‍යුන් කියන්න ඩොක්ටර්"
ටේහ්‍යුන් කිව්වම ජින් හිනා උනා. මීට පෙර ඔවුන් දෙදෙනා සමිපව ආශ්‍රෙ කරලා තිබ්බෙ නැතත් ටේහ්‍යුන් ජින්ව ප්‍රිය කලා.
"ටේහ්‍යුන්ට බාත් රූම් එකට යන්න ඕනෙද? ටේහ්‍යුන්ව ක්ලීන් කරලා ටේහ්‍යුන් මොනවා හරි කෑවොත් ඉක්මනට බේත් දෙන්න පුලුවන්."
ජින් කියනකොට ටේහ්‍යුන් හිනා උනා.
"මූණ ටිකක් වොෂ් කරන්නම්. තව බ්‍රෂ් කරන්නයි පී කරන්නයි ඕනෙ මට. ඒත් හදිස්සි නෑ"
ටේහ්‍යුන් හිනා උනාම ඩොක්ටර් ජින් ඔලුව වැනුවා.
"ඕකෙ එහෙනම් විනාඩි දහයක් ඔහොම ඉන්න සේලයින් එක ඉවර වෙනකම්. මම ඊට පස්සෙ බාත්රූම් එකට ගෙනියන්නම්"
"ඔහ් ඉට්ස් ඕකේ. අරයා මාව බාත්රූම් එකට ගෙනියයි"
ටේහ්‍යුන් ඇස් දෙකෙන් ජන්කුක් ව පෙන්වනකොට ජින් හිනා වෙලා ටේහ්‍යුන් ලග වාඩි උනා. ජින් දැනගෙන හිටියා ටේහ්‍යුන් කියන්නෙ කවුද මොනවගෙ කෙනෙක්ද කියලා. ඒත් එයාට ටේහ්‍යුන් ගාව ඉන්න බයක් දැනුනෙ නැහැ. ටේහ්‍යුන් බලාගෙන ඉන්නේ ජන්කුක් දිහා කියලා තේරුනා ම ජින් එයාට බාධා කළේ නැහැ.
"එයා නිදා ගනිද්දී අහිංසක පාටයි නේද?"
ටේහ්‍යුන් යන්තම් මිමිණුවා. ඒක ජින්ට කිවුවටත් වඩා එයාටම කියා ගත්තා කිව්වොත් වැඩියෙ හරි.
YOU ARE READING
Tickets To The Hell | taekook ✓
Fanficමරණයට වඩා භයානක දේවල් තියනවා ජියොන් ජන්කුක්!! taekook Dominant top kook with dominant bottom Taehyung mafia warning : strong language mature content 18+ content sensitive content Cover credit goes to @Armygirl920 Started date : 16 June 2023 Compl...