30 කොටස

939 216 85
                                    

කමෙන්ට් ගෝල් 50

ටේහ්‍යුන්ට පහර දුන්න පොල්ල පැත්තකින් තිබ්බ ඊතන් බිම වැටිලා හිටපු ටේහ්‍යුන් ලඟට ගියේ කසයක් අරගෙන. ඒක පැත්තකින් තිබ්බ ඔහු කට කොනකින් හිනා වෙලා සිහියත් අසිහියත් අතර ඉන්න ටේහ්‍යුන්ගෙ මුහුණට නැවුනා.

"කියනවා... ඇයි උඹ එයාලව මැරුවේ... උඹ නිසා මගෙ අංකලුත් මැරුනා. මට උත්තර දෙනවා"

ටේහ්‍යුන්ගෙ වියරු වැටුනු ඇස් දෙක දිහා බලාගෙන ඊතන් කෑ ගහනකොට ටේහ්‍යුන් කට කොනකට හිනා උනේ ඊතර් ව තවත් තරහ ගස්සලා. ටේහ්‍යුන්ව කෙලින් කරපු ඊතර් ටේහ්‍යුන් ඇඳගෙන හිටපු ෂර්ට් එක එක පාරටම ඉරලා දැම්මම ටේහ්‍යුන් ගැස්සුනා. ඔහු තමන්ගෙ නිරාවණය උන උඩ කය නොපෙන්නන නැවෙන්න හදනකොට ටේහ්‍යුන්ව බිමට තල්ලු කරපු ඊතර් ටේහ්‍යුන්ගෙ ෂෝට ගැලෙව්වෙ ටේහ්‍යුන් බොක්සර් එක පිටින් බිම ගුලි වෙනකොට. පිටිපස්සට උන ඊතන් කසේ අතට අරගත්තෙ ටේහ්‍යුන්ගෙ නිරුවත් ශරීරයට පහර දෙන්න හිතාගෙන.

"එපා.. එ....පා"

ටේහ්‍යුන් කෑ ගහ ගහ අඩන්න පටන් ගත්තාම ඊතන් බැලුවෙ පුදුම වෙලා. මෙච්චර වෙලා හැම වේදනාවක්ම සමච්චල් සහගත හිනාවකින් ඉවසපු ටේහ්‍යුන් ට මොකද උනෙ කියලා ඊතන් පුදුම වෙනකොට , ඔලුව උස්සපු ටේහ්‍යුන් දැක්කෙ ඊතන් හිටපු තැන හිටගෙන ඔහු දිහා සම්ච්චල් සහගත ලෙස බලන් ඉන්නෙ ටේහ්‍යුන්ගෙ අන්කල්.

"අන්ඩ්‍රෙස් ෆෝ මී ස්ලට්"

ඔහු තොල් හොලවනකොට ටේහ්‍යුන් බිම ගුලි උනේ කෑ ගහලා අඩන ගමන්

"නො...නෝ නෝ.. මට ය ..න්න දෙ...දෙන්න. අනේ ප්ලී...ස් මට යන්න දෙ...දෙන්න...."

ටේහ්‍යුන් කෑ ගහ ගහ අඩනකොට අන්කල් හිනා වෙවී ඔහු දිහාවට එනවා ටේහ්‍යුන් බයෙන් බලාගෙන හිටියා.

"හෙලො මයි ස්ලට්..."

"එ...එපා... මට රි...ද්දන්න එ ..පා... අනේ ප්ලීස්... මට රිද්දන්න එපා"

ටේහ්‍යුන් කෑ ගහලා අඩනකොට ටේහ්‍යුන්ට ඇහුනෙ දොර විවෘත වෙනවා. විවෘත උන දොරෙන් ඇතුලට ආවේ යුන්ගී ජන්කුක් සහ නම්ජුන්. කෑ ගහලා අඩන ටේහ්‍යුන් දිහා බලන් ඉන්න ඊතන් දැක්කම ඔවුන්ගෙ ඇස් ලොකු උනා. උඩු කය නිරුවත් කරලා කසෙන් පහර දීම පොලිසිය බරපතල අපරාධ කාරයන්ගෙන් ප්‍රශ්න කරද්දී සිදු කරන දෙයක් කියලා දැනන් හිටියත් නම්ජුන් හිතුවෙ නෑ ඊතර් එච්චර දුර යයි කියලා. යුන්ගීගෙ ඇස් ලොකු වෙනකොට යුන්ගී බිම වැටිලා කෑ ගහන ටේහ්‍යුන් ගාවට දුවගෙන ගියා

Tickets To The Hell | taekook ✓ Where stories live. Discover now