40 කොටස

966 221 105
                                    

කමෙන්ට් ගෝල් 50

"ඔෆිසර් නම්ජුන්.  මිස්ටර් එවුන්වෝ ඔෆිසර් ව හම්බවෙන්න ඇවිත්. එයා කියනවා ටිකක් හදිස්සියි කියලා"

පහුවදා උදේම යුන්ගී නම්ජුන්ව හම්බෙන්න ඇවිල්ලා ටේහ්‍යුන්ව නිදහස් කරන්න කියලා තර්ජනය කරලා , බැරිම තැන බැගෑපත් උනත් ටේහ්‍යුන්ගෙන් කට උත්තර අරගෙන මිසක් ටේහ්‍යුන්ව අත අරින්නෙ නැහැ කියන තීරණෙන් එලියට ආව නම්ජුන්ට ඔෆිසර් කෙනෙක් කියනකොට නම්ජුන් ඔලුව වැනුවා.

"ඔහ් ඕකේ. මම එන්නම්. හොසොක් ඇන් ඊතන් ටේහ්‍යුන් ගෙන් ප්‍රශ්න කරනවා නේද?"

නම්ජුන් අහනකොට ඔෆිසර් හිස වැනුව නිසා නම්ජුන් එයාගෙ රූම් එකට ගියෙ එවුන්වෝව හම්බවෙන්න. දොර ඇරගෙන නම්ජුන් ඇතුලට යනකොට එවුන්වෝ කලබලෙන් නැගිට්ටා.

"ටොබී..."

දෙන්නම එක පාර කියනකොට නම්ජුන් බලාපොරොත්තු සහගතව එව්නුවෝ දිහා බැලුවාම එවුන්වෝ ෆයිල් එකක් අතට ගත්තා.

"ටොබීව හම්බුනා"

ඔහු කියනකොට නම්ජුන්ගෙ දෑස් බලාපොරොත්තු සහගත විදියට දිලිසුනා.

"මගෙ ටොබී... එයා ජීවත් වෙනවාද? කොහෙද එයා"

නම්ජුන් කලබලෙන් අහනකොට එව්න්වෝ ඔහු දෙස දුක්බරව බලාගෙන හිටියා.

"එයා ජීවත් වෙනවා නම්ජුන්... ඒත්...."

"ඒත්..? ඇයි? මගෙ ටොබීට මොකද වෙලා තියෙන්නේ?"

නම්ජුන් කෑ ගහනකොට එවුන්වෝ නම්ජුන්ගෙ අතින් අල්ලගෙන රූම් එකෙ තියන කවුච් එක ගාවට ගිහිල්ලා වාඩි උනාම නම්ජුන් ඔහු ළඟ වාඩි උනා.

"ප්ලීස් මට කියන්න. කෝ මගෙ ටොබී?"

"නම්ජුන් මම ටොබීව හදා ගන්න ගත්ත පේරන්ට්ස්ලා ගැන හොයලා බැලුවා. එයාගෙ ඇඩොප්ටිව් මදර් ගැන තොරතුරක් නෑ. එයා නැති වෙලා හරි ඩිවෝස් වෙලා හරි තියනවා. ටොබී ඉඳලා තියෙන්නෙ එයාගෙ ඇඩොප්ටිව් ඩැඩ් එක්ක. මම රිපෝට්ස් චෙක් කරනකොට හම්බුනා ඒ මනුස්සයා මාස දෙකක් කෝමා එකක ඉඳලා එයාගෙ ඇඩොප්ටඩ් සන් එයාට පිහියකින් ඇනපු නිසා. ඒ ටොබී"

Tickets To The Hell | taekook ✓ Where stories live. Discover now