15 කොටස

1K 222 104
                                    

කමෙන්ට් ගෝල් 50

ටේහ්‍යුන් හවස හතරට ඕෆ් වෙලා යන්න ලෑස්ති වෙනකොට රෙස්ටුරන්ට් එකෙ ටේබල් පිහදාන ජිමින් ගාවට ගිහින් හිට ගත්තා. ජිමින් ටේහ්‍යුන් එනවා දැක්කත් ජිමින් බිම බලාගෙන ටේබල්ස් ක්ලීන් කරනවා.

"තැන්කියු.. බට් මම එක ටිෂූ එකයි යූස් කලේ"

ටේහ්‍යුන් කළින් දවසේ ටේහ්‍යුන් අඩනකොට ජිමින් දුන්න ටීෂූ පැකට් එක ජිමින් ඉස්සරහ තියලා කියනකොට ජිමින් හිමීට ඒ දිහා බැලුවා. මද හිනාවක් නගලා හිස වැනුව ජිමින් ටීෂූ පැකට් එක සාක්කුවට දා ගෙන දිගටම වැඩ කරනකොට ටේහ්‍යුන් ටේබල් එකකට හේත්තු උනා.

"ජිමින් මම ඇහුවට කමක් නැද්ද ඔයාගෙ වයස කීයද කියලා?"

ටේහ්‍යුන් ඇහුවත් ජිමින් උත්තර දුන්නෙ නැහැ. ටිකක් වෙලා බලන් හිටපු ටේහ්‍යුන් සුසුමක් හෙළල එතනින් යන්න උත්සාහ කලත් ජිමින් කතා කලා.

"දාසයයි. මගෙ වයස දාසයයි"
ජිමින් කියනකොට ටේහ්‍යුන්ගෙ නළල රැලි වැටුනා.

"වට්ද.... ඔයා කොලේජ් යන්නෙ නැද්ද?"

ටේහ්‍යුන් අහනකොට ජිමින් ටේහ්‍යුන්ට උත්තරයක් දුන්නෙ නැහැ.

"ඔයා කාත් එක්කද ඉන්නෙ?"
ඒත් උත්තරයක් නෑ.

"කොහෙද ඉන්නෙ?"
තාමත් උත්තරයක් නැහැ.

"ඔයා උත්තර දෙන්න අකමැතිද? නැත්තං නිකන් ප්‍රයිවසි වගෙ දෙයක් නිසාද මෙහෙම ඉන්නෙ"

ටේහ්‍යුන් හිනා උනාම ජිමින් බිම බලාගෙන හිටියා.

"ඔයා නීතිවිරෝධී සංක්‍රමණිකයෙක්ද?"

ටේහ්‍යුන් හයියෙන් හිනා උනත් ජිමින් උත්තරයක් දුන්නෙ නැහැ. ටේහ්‍යුන් ටිකක් අමුතු විදියට ජිමින් දිහා පපුවට අත් දෙක බැඳගෙන බලාගෙන හිටියා.

"ඇයි ඔයා මගෙන් ප්‍රශ්න කරන්නෙ?"

ජිමින් ටිකක් තදින් අහනකොට ටේහ්‍යුන් ඉස්සරහට ආවේ ජිමින් බය වෙලා හුස්ම අල්ලා ගන්නකොට. ටේහ්‍යුන් ජිමින්ගෙ ලොකු ෂර්ට් එක අස්සෙන් ජිමින්ගෙ ෂර්ට් එකෙ කර ටිකක් පාත් කරලා ජිමින්ගෙ බෙල්ල ගාව තියන කැපුම් සලකුණු පෙන්නුවා. එය පෙනුණෙ කවුරුන් හෝ විසින් ජිමින්ව බලෙන්ම තුවාල කරලා වගෙ. එය හොද වී තිබුනත් කැලෙල ඉතිරි වී තිබුනා.

Tickets To The Hell | taekook ✓ Where stories live. Discover now