කමෙන්ට් ගෝල් 50
නම්ජුන් ටොබීව පපුව තුරුලු කරගෙන බිම වැටීලා හිටපු එයාගෙ මමා ගාව දණ ගහගෙන හිටියා. එයාලා ඇස් දෙකෙන්ම දැක්කා එයාලගෙ ගෙදරට මමායි ඩඩායි ගෙයි යාලුවො විදියට ආව මිනිස්සු දෙන්නා එයාලගෙ මමාටයි ඩඩාටයි වෙඩි තියනවා. වෙඩි වැදිලා වැටුනු ඩැඩා නම්ජුන්ටයි ටොබීටයි වෙඩි තියන්න හදපු මිනිහට තුවක්කුව උදුරලා අරගෙන වෙඩි තියනකොට ඒ මිනිස්සු දෙන්නම එලියට පැනලා ගියත් නම්ජුන්ට දෙන්නගෙම මූණ බලාගන්න බැරි උනා. එක්කෙනෙක්ගෙ නම ජෝන් සහ අනෙකාගෙ නම මැතිව් කියලා පුංචි කොල්ලා දැනගෙන හිටියෙ මමා ඔවුන් දෙන්නා එන්න කලින් ඒ ගැන ඔවුන් දෙදෙනා ට කිව්ව නිසා.
ඒත් නම්ජුන් ඒ දෙන්නගෙම මූණු හරියට දැක්කෙ නැහැ. දැක්ක එකම දේ එක මනුස්සයෙක් ගෙ මූණෙ තියෙන කැලෙලක් විතරයි. ඔවුන් දෙන්නා එලියට දුවනකොට නම්ජුන් මමා ගාව දණ ගහ ගත්තෙ බිරාන්ත වෙලා ඉන්න ටොබීව බදාගෙන. එයාලගෙ ඩැඩා ගෙ ඇස් දෙක ඇරිලා බිම වැටීලා හිටියෙ ලේ නෑවිලා.
"ජු...නී..."
"මමා"
නම්ජුන් ඇස් වල කදුලු පුරෝගෙන කියනකොට මමා අමාරුවෙන් හිනා උනා.
"මල්ලිව බලා ගන්න... ප්ලීස්.. මට පොරොන්දු වෙනවා නේද?"
ඇය අහනකොට නම්ජුන් අඩ අඩා ඔලුව වැනුවාම මමා එයාගෙ ලෙයින් පිරුනු අතක් දිග් කලාම නම්ජුන් මමාගෙ සුලගිල්ලෙ එයාගෙ ඇගිල්ල පටලවා ගත්තා.
"පින්කි ප්‍රොමිස් මමා"
නම්ජුන් කියනකොට මමා ටොබීගෙ කම්මුල් ආදරෙන් අත ගාලා ගේ ඇතුලට එන කටුක අලු පාට දුම දිහා බැලුවා. ඇයට තේරුනා ඒ තිරිසන් මිනිස්සු සාක්ෂි විනාශ කරන්න ඔවුන්ගෙ ගෙදර ගිනි තියලා ඉවරයි කියලා.
"මල්ලිව අරගෙන එලියට යන්න ජුනී..."
"නෝ මමා... නෝ... මමා මට යන්න බෑ"
ටොබී මමාගෙ අතින් අල්ලගෙන කෑ ගහනකොට නම්ජුන් අඩ අඩා එයාගෙ මමායි ඩඩායි දිහා බැලුවා.
"ජුනී... ප්ලීස්... ඔයා පොරොන්දු උනා.."
"මමා....."
"අයි ලව් යූ... ජුනී ටොබී... මමා ලව්ස් යූ... ඩඩා ලව්ස් යූ... බී ස්ට්‍රෝන්ග්.. ඉෆ් යූ වෝන්ට් මී.. අයිල් බී දෙයා ෆෝ යූ!"
YOU ARE READING
Tickets To The Hell | taekook ✓
Fanficමරණයට වඩා භයානක දේවල් තියනවා ජියොන් ජන්කුක්!! taekook Dominant top kook with dominant bottom Taehyung mafia warning : strong language mature content 18+ content sensitive content Cover credit goes to @Armygirl920 Started date : 16 June 2023 Compl...