Chapter 4

570 35 8
                                    


Jungkook 's pov

කඩිකුලප්පුවෙන් මිනිස්සුන්ගෙ ඇගෙත් හැප්පි හැප්පි කොහෙ දුවනවද මන්ද? හැබැයි දැක්කම නම් අමුත්තක් දැනුන මට.  පොඩ්ඩක් ගිහින් බලන්නත් හිතුන. ඒත් අයියා කිව්ව වගේ අනුන්ගෙ දේවල් වලට කට පුක නොදා පාඩුවේ ඉන්න එක තමා හොදම.

" අපිට වැඩක් නෑ අපි යමු"

මන් ජිමින්ගෙ කරට අත දාන් ආපහු හැරුනා. ඒත් ටේහ්‍යුන් ඒ පැත්ත බලාගෙනම හිටියා.

" ඒයි කන්නාඩියා.... මෙහෙ එනවා"

මන් අනිත් අතින් ටේහ්‍යුන් ගෙ කොලර් එකෙන් ඇද්ද. ටේහ්‍යුන් වගේ මගෙ පැත්තට ආවා. මෝඩ පගරනැට්ටෙක් .

" අපි දැන් මේ කොහෙද යන්නෙ?"

ටේහ්‍යුන් කන්නාඩි දෙක ගලවල ඇස් දෙක පිහදදා අපිත් එක්ක ඉස්සරහට ගියා. කන්නාඩි ගැලෙව්වමයි දැක්කෙ. මොනා උනත් handsome පෙනුමක් කොල්ලට තිබ්බෙ.

" අපි canteen එක පැත්තෙ යමුද?"
ඒ යෝජනාව ජිමින්ගෙ. මාත් ඒකට කැමති උනා.මොකද තඩි බඩගින්නක් මග එන ගමන් තිබ්බෙ.

ඉතින් අපි තුන් දෙනා canteen එකට ගියා.

කෑම plate එකත් අරන් අපි canteen එකේ තිබ්බ පෝලිමට එකතු උනා.

" මොනවද දාන්න ඕනෙ"

ඒ නම්ජූන්. . .. Canteen එකේ වැඩ කරන කෙනා. අයියා මට එයා ගැන කියල තිබුනා.
මන් ඕනෙ ටික කියල කෑම එක අරන් අර ඩබලත් එනකල් බලන් හිටියා.

" ඒ අයියා හරි හොදයි නේද?"

ටේහ්‍යුන් කෑම එකත් අරන් පිටිපස්ස බල බල ඉස්සරහට ආවා. ඩෝන්........හරි හැප්පුනා..... එකපාරම එයා ඉස්සරහ තිබ්බ මේසෙ හැප්පුනා කෑම එකත් බිම..

" හරි හරි දැන් ඔය කරගත්තෙ.. අර අයියා හොදයි කිව්වනේ. අපි බලමු දැන් ඒ අයියා කොච්චර හොදද කියල ගිහින්කෑම එකක් ඉල්ලන් එනව"

මන් බැන්න බැරිම තැන.

" මට බඩගිනි නෑ වගේ"

ඒ මෝඩයා බිම තිබ්බ plate එක ගන්න ගමන් කිව්වා.

" ආ මේක ගන්නවා... මන් ගිහින් එකක් අරන් එන්නම්"

ආශ්..... මෝඩයොන්ට උදව් කරන පිනෙන් මට හොද කෙල්ලෙක් සෙට් වේවා ඒස්වා පුහ්....

House of dance 🛑WARNING 🛑 21+ 🧨🔞 [ ONGOING ] 🅢🅛🅞🅦 🅤🅟🅓🅐🅣🅔 Wo Geschichten leben. Entdecke jetzt