Chapter 31

328 30 18
                                    


Jungkook 's pov

එදා අපි කට්ටිය තැනත් බලල ආපහු ගෙදර ආවෙ පට්ට බඩගින්නෙන්. වෙලාවට ජිමින්ලගෙ ගෙදර කෑම හදල තිබ්බෙ. නැත්තන් මට ටේහ්‍යුන්ගෙ කෙදිරිල්ල අහන් ඉන්න වෙනව උගෙ බඩට කෑමක් වැටෙනකල්ම. අපි වැඩ ටික ඔක්කොම ඉවර කරල ජිමින්ටයි එයාගෙ ගෙදර අයටයි සමු දීලා ආපහු ගෙදර ආවා. අර පොඩි බබාවත් ගෙදර ඇරලවල තමයි මන් ගෙදර ගියේ. ටේහ්‍යුන්ගෙ සමහර හැසිරීම් මට නොතේරෙනව නෙමේ. ඒත් මන් කැමති නෑ හොරාපොලිස් සෙල්ලම් වලට. කියන්න තියෙන දෙයක් කියල දැම්ම නම් ඉවරයි නෙ රෙද්ද. එහෙමයි කියල මන් second වෙන්න කැමතිත් නැ. බලමුකො ඔහොම හැමදාම ඉන්න බෑනෙ.

මන් ගෙදර ගිහින් ඕව හිත හිත ඇදුම් ලෑස්ති කරගත්තා. හෙට ඉදන් ඉන්න වෙන්නෙ තනියමනෙ.

" පුතා ... දැන් exam ඉවර වෙනකල්ම practice ද?"

අම්මා මගෙ කාමරේට ආවෙ කියන්නෙවත් නැතුව. මාව ගැස්සිලා ගියා.

" ඔව් ඉතින් අයිය එක්කම එනවා"

මන් ඇද උඩ තිබ්බ ජොක්කු ටික නමල බෑග් එකට ඔබාගත්තා.

" මොනවද ඔබා ගත්තෙ බලන්න"

" යට ඇදුම් අනේ.."

" කෝ බලන්න... මොනවද දාගත්තෙ කියල ඉරුණු ඒවද දන්නෑ"

" පිස්සුද අම්මෙ?"

" කෝ කෝ පෙන්නනව "

" අනේ අම්මේ.."

මන් කෑ ගහද්දි අම්මා බෑග් එක ඇරල යට ඇදුම් ටික එළියට ගත්තා.

" බලන්න ජන්ග්කුකා...මේව ඉරිලත් එක්ක"

" පිස්සුද අනේ ඔය චූටි හිලක් තිබ්බට මොකද"

මන් අම්මගෙ අතේ තිබ්බ ජොකා ඇදල අරගෙන වටපිට හරෝ හරෝ බැලුවා.මේ චූටි හිලක් තිබ්බට සර්ප පැටිය ඒකෙන් එලියට පයින්නෑ කියන එක අපේ අම්මට තේරෙන්නෑනෙ. අම්ම හිතුවද දන්නෑ මන් මේ එල්ලන් ඉන්නෙ ගැඩවිල් පැටියෙක් කියල

" ඔහොම ඉන්නකො මන් හොද ඒව ටිකක් ගේන්නම්. අලුත් ඒව අල්මාරියේ තියෙනවා"

අම්මා පරන ජොක්කු ටික ඇද උඩට විසි කරල කාමරෙන් එලියට ගියා. අම්ම යනකල් ඉදල මන් ශේප් එකේ ඒව ටික ආයෙ බෑග් එකට කොටාගත්තා. මගෙ ජීවන සුවද එන මගෙ ආදරණීය ජොක්කු විසි කරන්න. හහ්? මගෙ හදවත නතර වෙයි..අම්මා නම් කියයි මට මෙව්ව එක්ක තියෙන්නෙ සාංසාරික බැදීමක් හුම්..

House of dance 🛑WARNING 🛑 21+ 🧨🔞 [ ONGOING ] 🅢🅛🅞🅦 🅤🅟🅓🅐🅣🅔 Where stories live. Discover now