Author ' povඅවුරුද්දකට පාරක් විතරක් පවත්වන වාර්ශික උත්සවය වෙනුවෙන් හැමදෙනාම බලාගෙන හිටියෙ ගොඩක් උනන්දුවෙන්. ඒ වගේම පළවෙනි පාරට කිම්බශ් ශාලාවෙ stage එකේ perform කරන්න වාසනාව ලැබුන සිසු සිසුවියන් ඒ සතුට සහ උද්යෝගය සමරන ගමන්ම අවසන් පුහුණුවීම් වල නිරත උනා. ඒ සිසුන් අතර ටේහ්යුන් ද හිටියා. ඒ නිසා උදේ ඉදන් ටේහ්යුන් ගෙ බැල්මක්වත් දැකගන්න මිතුරන්ට පුලුවන් උනේ නෑ. ඒ නිසාදෝ වෙන කාටත් වඩා ජන්ග්කුක්ගෙ හිත එහෙ මෙහෙ වේගෙන් දුවන්න ගත්තා.
" ටේහ්යුන් කොහෙද දන්නෑ"
ජන්ග්කුක් ඒ ප්රශ්නෙ මිතුරන්ගෙන් ඇහුව විසි තුන්වෙනි පාර තමයි ඒ.
ඒත් ඒ ප්රශ්නෙට පිලිතුරක් දෙන්න කාටවත් නොහැකි උනේ හැමෝගෙම අවධානෙ ගනිමින් ජිමින් ඔවුන් ගාවට දුවන් ආව නිසා. හෝසුක් උනන්දුවෙන් ජිමින් දෙස බලාගෙන හිටියා." වැඩේ හරිද?"
ජන්ග්කුක් ලැප්ටොප් එකේ තියෙන video එක දිහා බලමින් ජිමින්ගෙන් ඇහුවා. ඒත් ජිමින්ගෙ මූණෙ පෙනුමෙ හැටියට නම් නපුරක් වී ඇති බව හැමෝටම තේරෙන්න වැඩි වෙලාවක් ගත උනේ නෑ.
" මොකද්ද සීන් එක"
ජන්ග්කුක් ඇහුවා.
" නෑ ඒක අමතක කරන්න. ඔය video එක අපි play කරමු"
ජිමින් උන දේ ගැන මොකුත්ම නොකියා කතාව ඒ විදියට අවසන් කලා. වෙලාවෙ හැටියට තවත් ඒ ප්රශ්නෙ හාරවුස්සන්න වෙලාවකුත් ඔවුන්ට නොතිබුණ හින්දා කතාව නතර කරල කරමින් හිටපු කාර්යය අවසන් කලා.
" නම්ජූන් අයියාගෙ අතේ තමයි දැන් වැඩේ තියෙන්නෙ"
ජන්ග්කුක් එහෙම කිව්වෙ පෙන් එක නම්ජූන් දිහාවට දිගු කරන ගමන්. නම්ජූන් හිස වනල පෙන් එක තම සාක්කුවට ඔබාගත්තෙ වැඩි ආරක්ශාවට.
" මට තවත් මෙතන ඉන්න බෑ. මන් දැන් hall එකට යන්න ඕනෙ.. මන් නැති උනොත් ප්රශ්නයක් ... ඒ නිසා ඔයාල hall එකට එන්න තව ටිකකින් .. මන් යනවා. නම්ජූන් පරිස්සමෙන් වැඩේ කරන්න.. මොනව උනත් අහුවෙන්න තියන්න එපා..මතක තියාගන්න අවස්තාව මිස් උනොත් අපිට තව අවස්තා තියෙනව හැබැයි අහු උනොත් මේක අපේ අවසානෙ"
YOU ARE READING
House of dance 🛑WARNING 🛑 21+ 🧨🔞 [ ONGOING ] 🅢🅛🅞🅦 🅤🅟🅓🅐🅣🅔
Fanfictionඔබ කොහෙ ඉදන්ද එන්නෙ කොහෙටද යන්නෙ? මට කියන්න දැන්මම ඔබ හිතන්නෙ ඉදිරිය පහසුයි කියලද? එය ඉතාම කටුකයි මේ අහන්න ඔය දෙසට යන්න එපා මාවත කටුවලින් පිරිල තියෙන්නෙ ආපහු හැරෙන්න කියන දේ අහන්න මාවත දෙපස සිටින රකුසන් ඔබව වනසන්න බලන් ඇති ආපහු හැරෙන්න කියන දේ අහන්...