The Turning Point 🤍❌Jungkook's pov
සෑම් අංකල් ඉස්කෝලෙන් එලියට යන්න කලින් මන් පන්තියෙන් එලියට පැනල අංකල්ව හොයාගෙන ගියා. ගානට මට scl gate එක ගාවදිම අන්කල්ව අල්ලගන්න පුලුවන් උණා.
" අංකල්... අංකල්"
මන් කෑ ගහපු සද්දෙට සෑම් අංකල් නතර වෙලා මූණත් අමුතු කරන් ආපහු හැරිලා බැලුවා. මන් ටිකක් නතර වෙලා පහලට පාත් වෙලා මගෙ අත් දෙකත් දනිස්සෙ තියාගෙන හති ඇරියා.
" ඇයි ජන්ග්කුකා. මොකක් හරි ප්‍රශ්නයක් ද?"
සෑම් අන්කල් මගෙ ලගට එන ගමන් ඇහුවෙ බයෙන් වගේ.
" අපෝ නෑ නෑ කිසිම ප්‍රශ්නයක් නෑ අංකල්.. මන් ආවෙ දෙයක් ගැන අහන්න"
මන් එහෙම කිව්වෙ එයා ගොඩක් බය වෙලා හිටපු නිසා. ඒ වචන ටික ඇහුනට පස්සෙයි එයාගෙ මූණ සාමාන්‍ය තත්වයට ආවෙ
" මොකද්ද පුතේ අහන්න"
" අංකල් exam ලග නිසා දැන් දිගටම වගේ උදේ ඉදන් රෑ වෙනකල් practice තියෙනවා. ඒ නිසා ගෙදර යන එන එක කරදර නිසා අපි නතරවෙන්න තැනක් හොයාගත්තා. ඒක පිට තැනක් නෙමේ අපේම තැනක්. අපේ අයිය exam කාලෙට ඉන්නෙත් එහෙ. ඉතින් මන් ටේහ්‍යුන් ජිමින් එක්ක එහෙ ඉන්න කියල හිතුවෙ exam ඉවර වෙනකල් විතරක්.. මන් ජිමින්ගෙන් මෙ ගැන ඇහුවා. ඒත් එයා හරියට මොකුත් කිව්වෙ නෑ. මොකද එයා ඔයාල ගැන ගොඩක් හිතනවා. ඒ නිසයි මන් මේක අංකල්ගෙන්ම අහන්න කියල බලන් හිටියෙ"
මන් කියාගෙන කියාගෙන ගියා. සෑම් අංකලුත් සාවදානව මගෙ කතාවට සවන් දුන්නා.
" ඔයාල එක්ක නම් මට ජිමින්ව තියන්න බයක් නෑ. ඒත් මේක අපි දෙන්නම කතා කරන්න ඕනෙ.. ඔයාල එක්ක ඉන්න එක පුතාටත් හොදයි කියල මට හිතෙනවා. පුතාලට පුලුවන් නම් පුලුවන් වෙලාවක අපේ ගෙවල් පැත්තෙ ඇවිල්ල යන්නකො..."
සෑම් අංකල් මගෙ පිටට තට්ටුවක් දාල හිනාවෙලා යන්න ගියා. මාත් එයා ඉස්කෝලෙන් එලියට එනකල්ම බලාගෙන ඉදලයි පන්තියට ගියේ. මන් පන්තියට යද්දිම ජිමින් යකෙක් දැකල වගේ බයෙන් ඒ දිහාවට දුවගෙන ආවා. මාව නොදැක්ක වගේ පන්තියඇතුලට එද්දී අමුත්තක් දැනුනත් මොකද්ද ප්‍රශ්නෙ කියල මන් දැනගෙන හිටියෙ නෑ.
ŞİMDİ OKUDUĞUN
House of dance 🛑WARNING 🛑 21+ 🧨🔞 [ ONGOING ] 🅢🅛🅞🅦 🅤🅟🅓🅐🅣🅔
Hayran Kurguඔබ කොහෙ ඉදන්ද එන්නෙ කොහෙටද යන්නෙ? මට කියන්න දැන්මම ඔබ හිතන්නෙ ඉදිරිය පහසුයි කියලද? එය ඉතාම කටුකයි මේ අහන්න ඔය දෙසට යන්න එපා මාවත කටුවලින් පිරිල තියෙන්නෙ ආපහු හැරෙන්න කියන දේ අහන්න මාවත දෙපස සිටින රකුසන් ඔබව වනසන්න බලන් ඇති ආපහු හැරෙන්න කියන දේ අහන්...