" ඒ කියන්නෙ මෙයා මේකෙ මුදුන් මුල වෙන්න ඇති"ජිමින් ඈතින් මැකෙමින් තිබුණු සොක්ජින්ගෙ රුව දිහා බලමින් කිව්වෙ ඇස් හීනි කරගෙන
" එහෙම වෙන්නත් පුලුවන් ඒත් උගෙ මූන බැලුවම එච්චර නරක ගතියක් පේන්නෑ බන්.."
ජන්ග්කුක් ආපහු මේසෙ දිහාට හැරුනෙ ඒක අමතක කරන්න හිතාගෙන
" මේ අපි කන්න නේද ආවෙ"
මේසෙ උඩ තිබුන වතුර බෝතලේ කරකවමින් ටේහ්යුන් කිව්වෙ බඩේ පනුවොන්ගෙ පා පහරවල් ඉවසගන්නම බැරුව.
" ඔව්නෙ තව ටිකෙන් ඒකත් අමතක වෙනව බොහොම ස්තුතියි මතක් කරාට"
ජන්ග්කුක් ටේහ්යුන් ගෙ ඔලුවට පාරක් ගහල පුටුවෙන් නැගිටල නම්ජූන් ගාවට ගියේ කෑම කන්න හිතාගෙන
මේසෙ කෙලවරේ තිබුන ප්ලේට් එකත් අතට අරගෙන ඔහු නම්ජූන් ඉදිරියෙන් හිටගත්තා." අයියේ මොකුත් අවුලක් එහෙම නෑ නේද?"
නම්ජූන් කෑම බෙදන අතර ජන්ග්කුක් සිදු උන දේ ගැන ඇහුවෙ නම්ජූන්ගෙ මූනෙ වෙනසක් පෙනුන නිසයි. නම්ජූන් මූනින් නොපෙන්නුවට හිතින් නම් සෑහෙන්න දුක් උනා . ඒ ඔහුගෙ දුප්පත් කම හා පහල සමාජ වටපිටාව ගැන
" මොන ප්රශ්නයක් ද බන්.. ඔය ලොකු මහත්තුරු මට ගෙරෙව්වට ඕව මගෙ ඇගේ වදින්නෑ අනිත් එක මට ඕව හොදට පුරුදුයි... සැලඩ් දාන්නද?"
කතාවෙන් කතාව අන්තිම කෑම එක ගාව දෙන්නම නතර උනා . සමහර දවස් වලට ජන්ග්කුක් සැලඩ් කෑම එකට දාගත්තත් සමහර දාට ඒ දිහා බැලුවෙවත් නෑ. ඒ නිසයි නම්ජූන් ඒක ඇහුවෙ
" එපා"
ජන්ග්කුක් හිනාවෙලා කෑම ප්ලේට් එකත් අරගෙන ආයෙත් මිතුරන් ගාවට ආවා." ආ දැන් ඔයා විතරක් කෑවම හරිද?"
ටේහ්යුන් ඇහුවත් ජන්ග්කුක් ගෙන් කිසිම පිලිතුරක් ලැබුනෙ නෑ. ඒ වෙනුවට ඔහු කලේ දිගට දිගේ තිබුන කෑම මේසෙ දිහාට ඇගිල්ල දික් කරපු එක විතරයි .
ටේහ්යුන් ජන්ග්කුක් ටත් ගස්සල ජිමින්ගෙත් අතින් ඇදගෙන කෑම මේස් ගාවට ගියේ ඒ වෙද්දිත් හෝසුක් තමන්ගෙ කිරිල්ලිය හොයාගෙන ගිහින් තිබුන නිසයි. ආපන ශාලාවෙ කෙලවරේම අසුනක වාඩිවෙලා පොතක් අතේ තියන් හිටිය සෝහිව කතාවට අල්ලගන්න හෝසුක් මාර try එකක් දුන්න. ඒත් ඒව ඔක්කොම ගගට ඉනි කැපුව වගේ උනේ සෝහි ඒ මොකුත් ගනන් නොගෙන පොත දිහාම බලාගෙන උන්නු නිසයි. ඒත් ඒ කිසි දේකින් හෝසුක් තමන්ගෙ කියවිල්ල නම් නතර කළේ නෑ.
YOU ARE READING
House of dance 🛑WARNING 🛑 21+ 🧨🔞 [ ONGOING ] 🅢🅛🅞🅦 🅤🅟🅓🅐🅣🅔
Fanfictionඔබ කොහෙ ඉදන්ද එන්නෙ කොහෙටද යන්නෙ? මට කියන්න දැන්මම ඔබ හිතන්නෙ ඉදිරිය පහසුයි කියලද? එය ඉතාම කටුකයි මේ අහන්න ඔය දෙසට යන්න එපා මාවත කටුවලින් පිරිල තියෙන්නෙ ආපහු හැරෙන්න කියන දේ අහන්න මාවත දෙපස සිටින රකුසන් ඔබව වනසන්න බලන් ඇති ආපහු හැරෙන්න කියන දේ අහන්...