Chapter 27

303 24 8
                                    

ජන්ග්කුක් කඩියෙක් පුකට විදල වගේ අමාරුවෙන් කලිසමත් තද කරන් පන්තියෙන් එලියට දිව්ව හැටි හිතින් මවාගෙන මන් විනාඩියක් විතර තනියම හිනා උනා. මිනිහා කිව්ව දේවල් තේරුම් ගන්න කොච්චර උත්සහ කරත් සමහර තැන් වලදි මගෙ අහින්සක හිතට දහ අට ප්ලස් අදහස් පහල වේගෙන ආපු නිසා මන් හිතන එකත් නතර කරල ඩෙස්ක් එකෙන් ඔලුව තියාගත්තා.ඒත් මගෙ අහින්සක ආතල් එක බිදුනෙ ජිමින් පන්තියට ආවට පස්සෙ. උගෙ මූණ දැක්කම නම් හිතුනෙ නෑ හොදින් ඉන්නව කියල. ඒත් මන් උණ දේ අහන්නත් කලින් ජිමින් ආපහු ප්‍රශ්නයක් ම මගෙන් ඇහුව.

" මොකද අර ජන්ග්කුක් කලබලෙන් වගේ එලියට දිව්වෙ. මගෙ ඇගෙත් හැප්පුනා"

ජිමින් උගෙ වැලමිට අතගගා කිව්වා. මූණෙ හැටියට නම් හොද පාරක් වැදිලා වගේ. අර වගේ තඩියෙක් ඇගේ හැප්පුනාම ඉතින් නිකන් බේරෙයි යෑ.

" එයා මේ මල්ලිගෙ....."

ආශ් මන් මේ මොනවද කියන්නෙ. මන් ටියුබ් ලයිට් උනාට අනිත් එවුන් එහෙම නෑනෙ. මන් කියන්න ගිය දේ නතර කරල ජිමින්ගෙ මූණ දිහා බලාගෙන හිනා උනා. ඒත් ඌ හිනා නොවීම ඇස් දෙක හීනි කරන් මගෙ මූණ දිහාම බලාගෙන හිටියා.

" මන් හිතන්නෙ ලොකූ චූ බරක් ඇවිල්ල"

" ආ ඒක මිසක්..."

මුසාවාදයක් කියල හරි කොල්ලගෙ නම්බුව රකින්නත් එපැයි.මන් ජිමින්ගෙ මූණ දිහා වැඩිය බලන්න ගියෙ නෑ.
කොහොමින් කොහොම හරි opening bell එක ගහන්න කලින් junglebook පන්තියට වාර්ථා කළා. ඒත් මටතේරුණ දේ තමයි එයා මාව මගාරින්න උත්සහ කළා කියන එක.

Author 's pov

උදේ අට විතර වෙද්දි ජිමින්ගෙ භාරකාරයා උණ සෑම් ඉස්කෝලෙට ආවා. ඉස්කෝලෙ ළමයි නම් එයාව දැක්කම පුදුමෙන් වගේ ඔහු දිහා බලාගෙන හිටිය. සමහර විට ඔවුන් බලාපොරොත්තු වෙන්න ඇත්‍තෙ ලද බොලද පිරිමියෙක්.ඒත් සෑම් ගෙ මුහුණෙ තිබුණ කඩවසම් බවත් හැඩිදැඩි ඇගත් රළු බැල්මත් නිසා විහිලු කරන්න බලාගෙන හිටපු පිරිමි ළමයි ඒ සැලැස්ම ඉක්ශණිකව අකුළා ගත්තා. ඒ වෙනුවට ඔවුන් කලේ එකිනෙකාගෙ මුහුණු දිහා මාරුවෙන් මාරුවට බලාගෙන හිටපු එක. සෑම් හිස කෙලින් තබාගෙන කොයි මොහොතේ වුනත් ඕනෙම කෙනෙකුගෙ ඇස් දිහා කෙලින් බලාගෙන කතා කරන කෙනෙක්. ඔහුගෙ ඒ පෞර්ශය හමුවේ සමහරු අපහසුතාවයට පත් උන අවස්ථාත් නැතුවම නෙමේ.

House of dance 🛑WARNING 🛑 21+ 🧨🔞 [ ONGOING ] 🅢🅛🅞🅦 🅤🅟🅓🅐🅣🅔 Where stories live. Discover now