Author s pov
ජිමින් පහුවදා උදේ නැගිටල ඇදට වෙලාකල්පනා කරේ ඉස්කෝලෙ යනවද නැද්ද කියල. ඒත් කවද වෙනකල් නොයා ඉන්නද ? කවද වෙනකල් හැන්ගිලා ඉන්නද? කොහොමහරි මේ දේට මුහුණ දෙනවකියල හිතාගෙන ජිමින් ඇදෙන් නැගිටල නාන කාමරයට ගියා. යුන්ගිගෙ දත්පාරවල් යුන්ගිගෙ නියපොතු පාරවල් තාමත් ඔහුගෙ ඇග හැමතැනම සටහන් වෙලා. ජිමින් තරහෙන් තමන්ගෙ පපුවට හයියෙන් ගහගත්තා.
" ආ........මන් මැරිල ගියා නම් "
ජිමින් බිම ඉදගෙන පුලුවන් තරම් හයියෙන්කෑ ගැහුවා.
ආයෙම කදුලු පිහදගෙන නැගිටල ශවර් එක යටට ගියේ යුන්ගිගෙ සලකුනු හේදිලා යයි කියල විශ්වාසයෙන්. ඒත් නාලා ඉවර වෙලා කාමරේට එද්දිත් ඒ සලකුනු ඒ විදියටම තිබ්බ.
ඔහු කණ්ණාඩිය ඉස්සරහට වෙලා තමන්ගෙ ඇගේ තිබ්බ සීරිම් පාරවල් දිහා බල බල පිස්සුවෙන් වගේ හිනාවෙන්න ගත්තා.
" ජිමින්...."
ඒ සෑම් ගෙ හඩ... ජිමින් ඉක්මනට පැත්තක අයන් කරල තිබ්බ නිල ඇදුම ඇගට දාගෙන ගිහින් දොර ඇරියා.
" අද තාත්තා සමුලුවකට ගියා...මන් විතරයි අද ගෙදර ඔයාව ඉස්කෝලෙ ඇරලවන්න මන් එන්නම්.. ගන්නත් මන් එන්නම්"
ඒ කියපු දේට නම් ජිමින්ගෙ ඇස් උඩ ගියා. ඒත් ඔහු එනවට ජිමින් ගෙ කිසිම කැමැත්තක් තිබ්බෙ නෑ. ඒත්යුන්ගි ගැන තිබුණ බය නිසා ජිමින් සෑම් ට ඔහු සමග එන්න ඉඩ දුන්න.
" හරි මන් ලෑස්ති වෙලා එන්නම්"
ජිමින් එහෙම කියල දොර වැහුවා..ඒත් එක්කම සෑම් ආයෙම දොරට ගැහුවා. ජිමින්ට දැනුනෙ ලොකු තරහක් උනත් සෑම් එක්ක රන්ඩු වෙන්න බැරි නිසා ඉවසගෙන ජිමින් දොර ඇරියා.
" පුතා... උදේටකෑම හදල නැති නිසා යන ගමන් තමා කන්න වෙන්නේ. ඒ නිසා ටිකක් ඉක්මනට ලෑස්ති වෙන්න"
සෑම් කිව්වා
" ආ හරි"
ජිමින් එකග වෙලා දොර වහගත්තා. සෑම් ජිමින් එක්ක හොදට කතා කරපු පලවෙනි දවස ඒක වෙන්න ඇති. හේතුව දන්නව උනත් ඒ හැසිරීමට ජිමින් කැමති උනා.
YOU ARE READING
House of dance 🛑WARNING 🛑 21+ 🧨🔞 [ ONGOING ] 🅢🅛🅞🅦 🅤🅟🅓🅐🅣🅔
Fanfictionඔබ කොහෙ ඉදන්ද එන්නෙ කොහෙටද යන්නෙ? මට කියන්න දැන්මම ඔබ හිතන්නෙ ඉදිරිය පහසුයි කියලද? එය ඉතාම කටුකයි මේ අහන්න ඔය දෙසට යන්න එපා මාවත කටුවලින් පිරිල තියෙන්නෙ ආපහු හැරෙන්න කියන දේ අහන්න මාවත දෙපස සිටින රකුසන් ඔබව වනසන්න බලන් ඇති ආපහු හැරෙන්න කියන දේ අහන්...