Chapter 11

407 37 2
                                    


Author ' s pov

ජන්ග්කුක් ටේහ්‍යුන් වත් අල්ලගෙනම පන්ති කාමරය පුරාව ඇස් යැව්වෙ ජිමින් ඉන්නවද කියල බලන්න. ඒත් එයා හිටියෙ නැති නිසා ජන්ග්කුක් ගොඩක් පුදුම උනා.

" එයා එහෙම යන්නෙ නෑනෙ"

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ මූණ දිහා බැලුවත් ඔහුට එය පෙනුනෙවත් නෑ. ඔහු කල්පනා කරේ ජිමින් ගැන.

" එයා යන්න ඇති. ඒකට කමක් නෑ අපි හෙට අහමු. දැන් අපි දෙන්නත් යමු"

ජන්ග්කුක් හිතට ආව සිතුවිලි හංගගෙන ටේහ්‍යුන් ගෙ බෑග් එකයි තමන්ගෙ බෑග් එකයි දෙකම අතට අරගෙන ටේහ්‍යුන් ගෙ අතිනුත් අල්ලන් පන්තියෙන් එලියට ආව

" කෝ බෑග් එක මට දෙන්න "

ටේහ්‍යුන් එය ගන්න හැදුවත් ජන්ග්කුක් නෙමේ දුන්නෙ.
ඉස්කෝලෙ ගේට්ටුව ගාවට එනකල්ම දෙන්න බෑග් එකට රන්ඩුවෙවී ආවෙ. ජන්ග්කුක් ටේහ්‍යුන් ව ඉස්කෝලෙන් එලියට එනකල්ම අතනෑරම අල්ලගෙන ආව.

" ආ අපේ අම්ම ඇවිල්ල"

ටේහ්‍යුන් අත සුදුපාට කාර් එකක් දිහාවට අත දිගු කලා.
ජන්ග්කුක් ඔහු අත දිගු කරපු පැත්ත බලාගෙන හිටියත් ඔහුට ටේහ්‍යුන් ගෙ අම්මව හොයාගන්න බැරි උනා ඇය ලගට එනකල්ම.

" අම්මේ. මේ මගෙ යාලුවා. ජන්ග්කුක් .. තව කෙනෙක් ඉන්නව එයා කලින් ගිහිල්ල"

ජන්ග්කුක් අම්මව දැක්කෙ ලගටම ආවට පස්සෙ. ඔහු හිනාවෙලා ඇයට ආචාර කරත් ඇයගෙ මූණෙ නම් හිනාවක් තිබුනෙ නෑ.
ඒ වෙනුවට ඇය විපරමෙන් ජන්ග්කුක් ගෙ මුහුණ දිහා බැලුව. විනාඩියක් පමන මූන දිහා බලන් ඉදල ඊලගට ඇය බැලුවෙ ටේහ්‍යුන් ගෙ අතින් අල්ලන් ඉන්න ජන්ග්කුක් ගෙ අත දිහා. ඇය එදෙස බලද්දිම ජන්ග්කුක්. ටේහ්‍යුන් ව අතෑරල පසෙකට උනා.

" හ්ම්ම්"

ඇය කිව්වෙ එච්චරයි ... ඇය ටේහ්‍යුන් ගෙ අතින් ඇදගෙන කාර් එක දිහාට ආවෙ හොද සිතුවිල්ලකින් නෙමේ කියල ටේහ්‍යුන් ට වගේම ජන්ග්කුක් ටත් හිතුන. ජන්ග්කුක් ටේහ්‍යුන් ව අම්ම ඇදගෙන යන දිහාම බලාගෙන ඉද්දි ඔහුගෙ හිතට පොඩි දුකකුත් දැනුනා. ටේහ්‍යුන් ද පිටිපස්ස හැරිල ජන්ග්කුක් දිහා බල බලමයි ගියේ.

House of dance 🛑WARNING 🛑 21+ 🧨🔞 [ ONGOING ] 🅢🅛🅞🅦 🅤🅟🅓🅐🅣🅔 Where stories live. Discover now