Part 15

456 33 6
                                    

Author ' s pov

" ඇත්තටම මන් මේ ඉස්කෝලෙ ශිශ්‍ය නායකයෙක්. මට හිතාගන්න බෑ මේ දේ ගැන. ඇත්තටම ඔය කියනව වගේ දෙයක් මෙහෙ වෙනව නම් අපිට නිකන් බලන් ඉන්න බෑ. ඒක ඉහලට දැනුම් දෙන එක තමා අපිට කරන්න පුලුවන් දේ"

හෝසුක් තම නලල අතගාමින් කිව්වෙ ජිමින් කිව්ව කතාව හිතනවට වඩා බරපතළ කාරණාවක් වූ නිසයි.

" හැබැයි සෝහිගෙ idea එකත් මරු. ඒ වගේ video එකක් හදාගන්න පුලුවන් උනොත් ඉතින් ප්‍රශ්නයක් නෑ. හැබැයි කිසිම සාක්ශියක් නැතුව අපිට කාවවත් සැක කරන්න බෑ"

ජන්ග්කුක් තමන්ගෙ අදහස පල කලා. ටේහ්‍යුන් ට මොකුත් නොතේරුන නිසාම ඔහු කිසිම දෙයක් නොකියා තුන්දෙනාගෙ මූනු දිහා මාරුවෙන් මාරුවට බලාගෙන හිටියා.

" සෝහි ඒ ගැන බලාගනී.. අපිට තියෙන්නෙ එයාට උදව් කරන්න විතරයි උත්සවේ දවසට ඒක පෙන්නන්න"

" මීඩියා එකෙන් නෙ ඒ පැත්ත බලන්නෙ අපිට room එකට යන්නවත් බෑ"

හෝසුක් කිව්වා

" නම්ජූන්ට පුලුවන් නේද?"

ජිමින් කිව්වෙ මොකක් හරි ක්‍රමයක් හොයාගන්න ඕනෙ කියන අදහසින්.

" එයා යනව සුද්ද කරන වැඩ වලට.."

හෝසුක් ඔහුගෙ ප්‍රකාශය නිවැරදි කලා.

" ඒකට ඉතින් අපි මේ කතාව එයාටත් කියන්න වෙනවා"

ටේහ්‍යුන් පලවෙනි වතාවට තමන්ගෙ කටහඩ අවදි කලා.

" ටේහ්‍යුන් හරි..අපි මේ ගැන කල්පනා කරන්න ඕනෙ.. අපේ අයියට මේ ගැන කිව්වොත් සමහර විට එයා මොනවහරි..."

" එපා මේක අපෙන් පිට යවන්න හොද නෑ. සෝහි මාව විශ්වාස කරලනෙ මට කිව්වෙ. ඉතින් ඉස්කෝලෙ කටින් කට මේක ගියොත් ඔක්කොම ඉවරයි "

ජන්ග්කුක් කතාව ඉවර කරන්න කලින්න ජිමින් කතාව මැද්දට පැන්නා.

" ජිමින් හරි අපි දැනට මේක රහසක් විදියට තියාගමු.. කොල්ලනේ මන් දැන් යන්න ඕනෙ.. සෝහිව හම්බුනොත් කියන්න අපි එයාට උදව් කරනවා කියල. "

හෝසුක් පුටුවෙන් නැගිටල මේසෙ ගහල තිබ්බ ඔරලෝසුව දිහා බැලුවට පස්සෙ තමයි මිනිහට මතක් උනේ රාජකාරි ගොඩාක් ඉනේ ගහන් නේද මේ පොඩි උන් එක්ක කයිය ගහ ගහ ඉන්නෙ කියල. හොද වෙලාවට Meeting එක පටන් ගන්න විනාඩි පහකට කලින් හෝසුක් ඔරලෝසුව දිහා බැලුවෙ. තව ටිකක් ඔය විදියට කතාව ඉස්සරහට අරගෙන ගියා නම් සොරි ඩොට් කොම්.

House of dance 🛑WARNING 🛑 21+ 🧨🔞 [ ONGOING ] 🅢🅛🅞🅦 🅤🅟🅓🅐🅣🅔 Donde viven las historias. Descúbrelo ahora