Jimin pov
මන් සෝහිව බලන්න එයාගෙ පන්තියට යද්දි ටේහ්‍යුන්ග් එයත් එක්ක කතා කර කර හිටියා.මන් හෙමින් සැරේ එයාගෙ ලගින් පුටුවක් දාගෙන වාඩි උනාම එයා මගෙ දිහා බලල ආයෙමත් අහක බලාගත්තා. සෝහි එක්ක කතා කරනව කියල මන් හිතාගෙන හිටියට මගෙ ප්‍රශ්න වලට එයාට උත්තර හොයන්න බෑ කියල මට තේරුම් ගියා. ඒ වගේම එයා ඊටත් වඩා ලොකු පීඩනයක ඉන්නෙ කියලත්.
විනාඩි කීපයකින් පස්සෙ ජන්ග්කුක් හෝසුක් අයියවත් එක්කගෙන ආවා. අපි හිතුවට වඩා සෝහි හෝසුක් අයියා එක්ක එකතුයි කියල තේරුනේ හෝසුක් ආව ගමන් සෝහි එයාගෙ ලගට ගියාට පස්සෙ. හෝසුක් අයියා සෝහිගෙ ඔලුව අතගාලා එයාව පපුවට හේත්තු කරගත්තා.
" හරි දැන් හැමදේම හොදින්"
හෝසුක් අයියා දෙතුන්පාරක් එයාගෙ ඔලුව අතගෑවා. මට ඒ ගැන සතුටුයි. සෝහිට දැන් ඕනෙ සැනසීමක්. ඉතින් කාගෙන්ම හරි ඒ සැනසීම එයාට ලැබෙනව නම් ඊට වඩා සතුටක් කොහෙන්ද. එයා අපි එක්ක ඉන්නෙ තරහෙන්. එදා නම්ජූන් අයියා වැඩ අවුල් කලා කියලයි එයා හිතාගෙන ඉන්නෙ. ඒත් ඒක එයාගෙ වරදක් නෙමේ කියන්න සෝහිත් හොදටම දැනගෙන හිටියා.
" ඔයාල දැන් clz එකට යන්න.. මන් මෙයා ගැන බලන්නම්"
ජෝසුක් සෝහිව පුටුවකින් වාඩි කරවල එහා පැත්තෙ පුටුවෙන් එයත් වාඩි උණා. ඒ දෙන්නට තනියම කතා කරන්න දෙන එක හොදයි කියල හිතුණ නිසා අපි තුන් දෙනත් පන්තියෙන් එළියට ආවා.
ප්‍රතික්ෂේප කරන්න ප්‍රතික්ෂේප කරන්න..... අකමැති දේවල් ප්‍රතික්ෂේප කරන්න
දිගින් දිගටම මගෙ කන් ඇතුලෙ දෝංකාර දුන්න ඒ කටහඩ ඇහෙන වාර ගාන වැඩි වෙනව මිසක් අඩු උනෙ නෑ. ඒත් මන් ඒක නෑසුන ගානට හිටියා. දරාගන්නම බැරි උනේ ඒකත් එක්කම එන ඔලුවෙ කැක්කුම තමයි.
Author 's pov
පිරිමි ළමයි තුන් දෙනා පන්තියෙන් එලියට යනකල් ඉදල හෝසුක් සෝහිට ටිකක් ලන් උණා.
" සෝහියා..."
" ම්ම්ම්"
" ඇයි මේ වගේ මෝඩ වැඩ කරන්නෙ? ආ? "
හෝසුක් ටිකක් සැරෙන් වගේ කතා කලේ. සෝහි ඇස් වල කදුලු පුරවගෙන හෝසුක් දිහා බැලුවෙ ඒ ප්‍රශ්න වලට උත්තර එයා ගාව නොතිබුන හින්ද. තවත් ඇයගෙන් ප්‍රශ්න අහන එක නුවනට හුරු නැති බව තේරුම් ගත්ත හෝසුක් සෝහිගෙ අතින් තද කරල අල්ලගත්තා.
YOU ARE READING
House of dance 🛑WARNING 🛑 21+ 🧨🔞 [ ONGOING ] 🅢🅛🅞🅦 🅤🅟🅓🅐🅣🅔
Fanfictionඔබ කොහෙ ඉදන්ද එන්නෙ කොහෙටද යන්නෙ? මට කියන්න දැන්මම ඔබ හිතන්නෙ ඉදිරිය පහසුයි කියලද? එය ඉතාම කටුකයි මේ අහන්න ඔය දෙසට යන්න එපා මාවත කටුවලින් පිරිල තියෙන්නෙ ආපහු හැරෙන්න කියන දේ අහන්න මාවත දෙපස සිටින රකුසන් ඔබව වනසන්න බලන් ඇති ආපහු හැරෙන්න කියන දේ අහන්...