Chapter 34

177 18 13
                                    

Jungkook pov

මම practice ඉවර වෙලා අයියගෙ තැනට යන්න බලාගෙන ඉස්කෝලෙ ඉස්සරහ හිටගෙන හිටියෙ අනිත් තුන් දෙනා එනකල්. පොඩි කලබලයක් උණ නිසා මට එයාලව miss උණා.... මන් බලාගෙන ඉදල විනාඩි 10 කට වගේ පස්සෙ මන් දැක්කා ජිමින් ඒ පැත්තට ඇවිදගෙන එනව.මම අත වැනුවෙ එයාට මන් ඉන්න තැන හොයාගන්න. එයා මාව දැක්ක උනාට මූනෙ නම් කිසිම
සතුටක්වත් මොකුත් පෙනුනෙ නෑ . එයා ඔලුවත් අතගගා මගෙ ගාවට ඇවිදගෙන ආවා.

" මොකෝ අවුල?"

ජිමින් ලගට එන්න එන්න එයාගෙ මූණෙ තිබුණ වෙනස මට හොදටම තේරුණා. ඒ මදිවට මූණෙ පැත්තකුත් රතු වෙලා.

" මේ මොකද මේ?"

මම ජිමින්ගෙ අතින් ඇදල එයාව ලගට අරගෙන කම්මුල් දෙක දිහා බැලුවා. ඒත් එයා මගෙ අතත් අහකට දාල. පස්සට ගියා.

" මොකද මූණ රතුවෙලා. කාගෙන්හරි ගුටි කෑවද?".

මගෙ ප්‍රශ්න එකකටවත් මට ජිමින්ගෙන් උත්තර ලැබුනෙ නෑ. ඒත් එක්කම වගේ ඉස්කෝලෙ ඉදන් එලියට ආව කෙල්ලො තුන් දෙනෙක් දිහාට මගෙ අවධානෙ ගියේ එයාල හෙන සද්දෙන් කාටදෝ බැන බැන ආව නිසා. ඒත් එක්කම එතන හිටපු එක කෙල්ලෙක් ජිමින් දිහා තරහෙන් වගේ බලාගෙන යන්න ගියේ.ජිමින් ලැජ්ජාවෙන් වගේ අනිත් පැත්ත හැරිල කම්මුලට අත තියාගත්තා.
කෙල්ලො ටික යනකල් ඉදල මම ජිමින්ගෙ අතින් අල්ලල ඒ අත මූණෙන් අයිනට කළේ උන දේ පොඩ්ඩක් තේරුණ නිසා.

" මොකද්ද උණේ කියනවද නැත්තන් මන් අරගොල්ලොන්ගෙන් අහගන්නද?"

මන් ජිමින් ගෙ අත අතහැරය යන්න හදද්දි එයා මගෙ අතින් අල්ලල මාව නවත්තගත්තා.

" එපා එපා ...ඒ කෙල්ල මගෙ කම්මුලට ගැහුවා"

ජිමින් ඒක කිව්වම විදියට මට හිනා ගියා.

" ඈ ගැහුවා? අරකි? මොකටද?"

" මන් දන්නෑ එයා ඔයාලගෙ අයියලගෙ වයසෙ කියල..මන් එයාගෙන් යාළුවෙන්න ඇහුවා"

ජිමින් ලැජ්ජාවෙන් බිම බලාගෙන කොන්ඩෙත් අතගගා කියද්දි මට මගෙ හිනාව නවත්තගන්න බැරුව ගියා.මම බඩෙන් අත් දෙකත් තියාගෙනම හිනා උණා. ජිමින් යටි තොල හපාගෙන ඒ ලැජ්ජාව දරාගන්න උත්සහ කලා මම දැක්කා.

House of dance 🛑WARNING 🛑 21+ 🧨🔞 [ ONGOING ] 🅢🅛🅞🅦 🅤🅟🅓🅐🅣🅔 Where stories live. Discover now