Chapter 5

631 41 4
                                    


Author 's pov

ඉස්කෝලෙ කලබලේ අස්සෙ පාසලේ ප්‍රධාන ශිශ්‍ය නායකයත් කඩිමුඩියෙ එතනට ආවා.

" මොකද්ද උනේ?"

ඔහු කලබලෙන් ජනේලෙන් එබිල බලල අත ඔලුව ගහගෙන ළමයි දිහාට හැරුනෙ.

" මොකද්ද මෙතන උනේ?"

ඔහු කෑ ගැහුවා

" අයියෙ....අපි එද්දි මේ ගෑනු ළමයා කෑ ගහ ගහ හිටියෙ මොකද බලද්දි මේක වෙලා කියල දැක්කෙ"

ජන්ග්කුක් ගොත ගහ ගහ උත්තර දුන්න.

ඊටපස්සෙ ඔහු හැරුනෙ සෝහි දෙසට.

" කලබල වෙන්න එපා....ඒ කෙනා ඔයාගෙ යාලුවෙක්ද?"

ඇය අඩමින්ම හිස වැනුවා.

" මොකද්ද උනේ කියල කියන්න පුලුවන් ද?"

ඇය කලේ අඩපු එක විනා වචනයක්වත් කතා කරේ නෑ.

" හරි හරි ඔය හතර දෙනා දැන් office එකට යමු"

ඔහු හෝසුවත් පුටුවෙන් නැගිට්ටගෙන එක්කන් යන ගමන් ජන්ග්කුක් , ජිමින් , ටේහ්‍යුන් තුන් දෙනාටත් එන එස ඇහෙන් ඉගි කලා.

" හරිනෙ පුකේ අමාරුව"

ජන්ග්කුක් තම අතින් කටවහගෙන කිව්වෙ මිතුරන්ට විතරක් ඇහෙන විදියට.

" කියල වැඩක් නෑ බන්. කොහෙවත් හිටපු කෙල්ලෙක්ගෙ මීනීමැරුමකටත් අපිව අහුවෙන්නද යන්නෙ ඒ පාර"

ජිමින් ජන්ග්කුක් දෙස බලමින් කිව්වා

" අපේ අම්ම මේක දැනගත්තොත්...ගිය පලවෙනි දවසෙම office එකට යන්න උනා කියල. මට ආයෙ කවදාවත් කිම්චි හදල දෙන එකක් නෑ"

ටේහ්‍යුන් ට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඒක. ජන්ග්කුක් ට තරහ ගිය පාර ඔහුගෙ ඔලුවට පාරක් ගැහුවා

" තමුසෙට දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒකද?"

" ඔව් "

ටේහ්‍යුන් ඔලුව වැනුවෙ ජන්ග්කුක් ව තවත් තරහ ගස්සන ගමන්. ජිමින්ට ඉතින් කොතනත් මේ දෙන්නගෙ වලි දකිද්දි හිනා යනව. ඔවුන් office එකට යන අතරෙදි ජන්ග්කුක් ගෙ අයියා යුන්ගිව ඉස්සරහට හම්බුනා.

" ආ හෝසුක්..."

යුන්ගි ප්‍රධාන ශිශ්‍ය නායකයා දැකල ඈත ඉදන්ම අත වැනුවා.

House of dance 🛑WARNING 🛑 21+ 🧨🔞 [ ONGOING ] 🅢🅛🅞🅦 🅤🅟🅓🅐🅣🅔 Where stories live. Discover now