" Author 's pov"
යාලුවො තුන්දෙනාගෙ කතාව අතරෙ නම්ජූන් hot dog තුනකුත් අරගෙන ඔවුන් දිහාවට ඇවිදගෙන ආවා. ජිමින් බිම බලාගෙන කදුලු පිහදාගත්තෙ නම්ජූන් දකින්න කලින්.
" මෙන්න මන් ගානෙ"
නම්ජූන් ඔවුන් ගාවින් වාඩිවෙලා බනිස් ටික දිගු කලා. ටේහ්‍යුන් ඔක්කෝටම කලින් බනිස් එක අතට ගද්දි ජන්ග්කුක් ඔහු දිහා බලල රවන්න ගත්තත් ටේහ්‍යුන් ඒක සතපහකට ගණන් ගත්තෙ නෑ.
" කන්න කන්න."
නම්ජූන් අත් දෙක ගසා දාල ආපහු හැරී සැනකෙළිය දිහා බලල දිගු හුස්මක් පිටකළා.
" ඉතින් මොකද වෙන්නෙ? "
නම්ජූන් ආපහු හැරිල එහෙම ඇහුවෙ ජිමින් දිහා බලාගෙන. ජිමින්ට තේරුණා ඔහුත් ප්‍රශ්නෙගැන දන්නවාකියල. ඒත් ඔහු ඒකට ප්‍රතිචාර දක්වන්න ගියෙනෑ.ජිමින් හිටපු විදියටම ඉදගෙන බනිස් එක කන්න පටන් ගත්තා.
" අවුලක් නෑ.. අපි නිකන් ඇවිදින්න ආවා. "
ජන්ග්කුක් ඔහුගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ සුළු මොහොතකට පස්සෙ.
" ජිමින්.... ප්‍රශ්නයක් නෑ නේද මල්ලි"
නම්ජූන් ජිමින්ගෙ ඔලුවෙන් අතතියාගෙන අහද්දි ජිමින් ඇස් වල කදුලු පුරවගෙන ඔහු දිහා බැලුවා. එතකොට තමයි ජූන්ට හිතුනෙ ඒ ප්‍රශ්නෙ අහපු මෝඩකම කියල. ඔහු ජිමින්ගෙ හිසකෙස් අවුස්සල අත අහකට ගත්ත.
" ප්‍රශ්නයක් උනාම අපි හිතන්න ඕනෙ මේ ප්‍රශ්නෙ උණ මේ ලෝකෙ පළවෙනිය මම නෙමේ අන්තිමයත් මම නෙමේ. අනිත් එක හිතේ හිරකරන් ඉන්නැතුව කාටමහරි කියන්න. හැමෝටම නෙමේ විශ්වාසවන්ත කෙනෙක්ට.."
" හරි අයියෙ"
ජිමින් ඇස් වලට ආව කදුලු වැටෙන්න වැටෙන්න නොදී සිරකරගෙන හිනාවක් විතරක් මුදාහැරියා.
නම්ජූන් ජිමින්ගෙ උරහිසට පහරක් ගහල හිනාවෙලා නැවතත් තමන්ට හිමිතැනට පිටත් උණා. නම්ජූන් ලොකු හුස්මක් ඉහලට අරන් ආයෙමත් වැඩ පටන් ගත්තා .
" නම්ජුනා ඉක්මන් කරන්න මෙතන කට්ටිය බලන් ඉන්නවා"
Namjoon s pov
YOU ARE READING
House of dance 🛑WARNING 🛑 21+ 🧨🔞 [ ONGOING ] 🅢🅛🅞🅦 🅤🅟🅓🅐🅣🅔
Fanfictionඔබ කොහෙ ඉදන්ද එන්නෙ කොහෙටද යන්නෙ? මට කියන්න දැන්මම ඔබ හිතන්නෙ ඉදිරිය පහසුයි කියලද? එය ඉතාම කටුකයි මේ අහන්න ඔය දෙසට යන්න එපා මාවත කටුවලින් පිරිල තියෙන්නෙ ආපහු හැරෙන්න කියන දේ අහන්න මාවත දෙපස සිටින රකුසන් ඔබව වනසන්න බලන් ඇති ආපහු හැරෙන්න කියන දේ අහන්...