Yoongi- හරි ඔයා මට වෙච්ච හැමදේම කියන්න. ලැජ්ජා වෙන්න එපා. නිකන් මම ඔයාගේ අම්මා කියලා හිතන්නකෝ.
Jungkook වෙච්ච හැමදේම අකුරක් නෑර කියාගෙන ගියා. ඒත් Yoongi girlfriend එක්ක chat කරන ගමන් හිටියේ
??? -බබා අද ගෙදර එන්නේ කීයටද
Yoongi- තව ටිකකින් එනවා මැණික. දැන් මන් ගාවට ආපු ඔල්මාදකාරයෙක් බයිලා කියවනවනේ
Jungkook- එහෙමයි වැඩේ වුණේ
Yoongi- සර් මේ sleeping pills ටික බීලා නිදාගන්න. එතකොට ඕක හරියයි
කුකියත් ඒවා අරගෙන ගෙදර ගිහින් ඒ පෙති බීලා නිදාගත්තා. ඊටපස්සේ දවසේ ඇමතියා NIS Office එක බලන්න ආවා
Namjoon- ඔබතුමා මෙහාට ආපු එක අපිට ලොකු ගෞරවයක්.
Seojoon- ඒක සුළු දෙයක්නේ.
Jungkook- හමුවීම සතුටක් ඇමතිතුමා
Seojoon- මටත් එහෙම තමයි
Jungkook මූණට හිනාවුණාට ඇතුළින් පොරට Seojoon ට ඇට්ටි හැලෙන්න දෙන්න හිතුණා.
අන්තිමට Seojoon Namjoon එක්ක පහළට යන ගමන් හිටියා.
🦊 උඹ නම් මොලෝ රහක් නෑ Jungkook
Jungkook- තමුසේ කියන්නේ මට ඒකට ගහලා හිරේ යන්න කියලද?
🦊 තමුසෙට බැරි නම් මම ගහනවා හරිනේ
කියලා පොර ඇමතියට නෙළන්න ගියා.
Jungkook- ඕයි තමුසේ මුල්ලේරියාවේ ඉඳලා ආවා කියලා ඔච්චරම හරකෙක් කියලා මම හිතුවේ නෑ.
🦊 පුළුවන් නම් මාව නවත්තපන් අල්ලයි මගේ නැට්ට
කියලා පොර දුවන්න ගත්තා.Jungkook පොරගේ පස්සෙන් පැන්නුවා. ඒත් පොර දුවද්දී හෙල්මට් කාරයා උඩ තට්ටුවෙන් බිමට පැන්නා.
ඒත් එයා මැරුණේ නෑ. Sana ත් ඒක දැක්කා. ඒත් එයා හෙල්මට්කාරයව දැක්කේ Jungkook වගේ
Sana- * මූ නම් නට් case එකක් වගේ. මට බූට තිබ්බ එකම හොඳයි *Taehyung- ජන්කුකා උඹට මෙච්චර වැඩ පුළුවන් වෙයි කියලා මම අදනේ දන්නේ
ඒත් එයාලා කවුරුත් දැක්කේ නෑ අසරණ Jungkook උඩ තට්ටුවට වෙලා මේ දර්ශනේ දිහා අසරණ විදිහට බලන් ඉන්න හැටි.
හෙල්මට් පොර දිගටම ඇමතියා බෙන්ස් එකට යන මාවත දක්වා ඇවිදගෙන ගියා. ඊටපස්සේ පඩි හයක් විතර දුරක් තියෙද්දි එයා..
🦊 Park Seojoon!
Seojoon- ඇයි මල්ලි මොකද ගෑස්.
🦊 මිනීමරුවා වංචාකාරයා
කියලා පොර උඩ පැනලා Seojoon ගේ පශ්චාත් භාගෙට පයින් පාරක් දුන්නා.
Namjoon මේ දර්ශනේ දැකලා හොඳටම Shock වුණා.හෙල්මට් කාරයා ඒක කරාට Jungkook ඇමතියට නෙළනවා දැකපු අනික් මිනිස්සු ටික මේ දිහා කට ඇරන් බලාගෙන හිටියා.
Taehyung- හත්තික්කේ මොකද ඒ වුණේ
Sana- ඒ මම දන්න Jungkook නෙමෙයි
Hobi - පොරගේ වෘත්තියම සොත්ති වෙන වැඩක් තමයි ඔය විහින් කරගත්තේ
Taehyung- එයා Promotion වලට පෙරේත වුණාට ඔහොම පිස්සෙක් කියලා මම හිතුවේ නෑ
Sana - එයාට අවධානේ ඕන වෙලා ඒකයි මට පේන්නේ
Jungkook පණ කඩාගෙන දුවගෙන ගිහින් හෙල්මට් කාරයව අල්ලගන්න බැලුවා. පොර පස්සෙන් ඇමතියගේ කට්ටිය පැන්නුවා.
To be continued...
අපේ රටේ ඉන්න 225 ට නෙළන්න හිතන කට්ටිය ඉන්නවද මෙතන.🙂
බයියෝ නම් මේක බලන්න එපා හරිද? .මේකේ බයියන්ට වදින දේවල් හුඟක් තියෙනවා. 😁
YOU ARE READING
Crazy and Mad || JJK × I.N ✅
Fanfictionතමන්ට විතරක් පේන රතු පාට ඇඳුමක් ඇඳගෙන හෙල්මට් එකක් දාගත්තු කොල්ලෙක් ඇවිත් විහිළු කරොත් කොහොම තියෙයිද? ඒකත් නිකන් කෙනෙක් ට නෙමෙයි Jeon Jungkook කියලා NIS officer කෙනෙක්ට Cover by @Silvermirror23