On the Airplane_2

164 27 30
                                    


" ඕයි නැගිටිනවා .. " පොලිස් නිළධාරියෙක් එලෙස කියමින් නිඳා සිටි jk හෙවත් JungGug ව ඇඳෙන් බිමට ඇදලා දාන ගමන් එලෙස කෑගැසූ විට jk එක්වරම නැගිට ,

" තෝ මං කවුරු කියලා හිතන්ද යකෝ මාව එහෙම බිමට ඇදලා දැන්මේ ආ " කෝපයෙන් රතුව ගිය තියුණු දෑස් වලින් ඔහු මඳක් ශබ්දෙන් කියන විටදී පොලිස් නිළධාරියා බියෙන් සලිතව නොගියහොත් එය පුදුමයක් . ඒ තරම්ම ඔහුගේ දෑස් දෙස එක එල්ලෙ බලා සිටීමට නොහැකි තරම් . ඒ මූණ ගිනි පිඹින මකරෙකුගෙ තරම් දරුණු යි .

එලෙස කෑගසන විටදී තවත් පොලිස් නිළධාරියකු පැමිණ " අයිසේ ජෝන් ... ඔය මිනිහව එක්කන් වරෙන් යකෝ . පරක්කු නොකර " එලෙස කූඩුව අසළට පැමිණ කියා යන විටදී පොලිස් නිළධාරියා තවත් මුකුත් කීමට පෙර jk එතනින් ඔහුවත් පසු කරමින් මාංචු දමා ගත් අත් දෙකත් එලෙසින්ම තිබියදී ක්‍රෝධයෙන් පිරි දෑස් වලින් තම වට පිටාවේ අනික් කූඩු දෙසත් බලමින් ඉදිරියට ගියා .

දෙපැත්තේ සිටි සමහර සිරකරුවන් තම ඇඳ මත හිඳගෙන , තවත් සමහරු කූඩූවේ කූරු වල දෑත් වලින් එල්ලී සිටින අතරේ ඇග පුරා පච්ච කොටා සිටි එක් සිරකරුවෙක් " අඩෝ මූද එතකොට මේ පොලිස් බල්ලෝ ටික මේ ආව දවසට බය කරා කියපු ඩයල් එක . සුපිරියක් තමා bro " ඔහු මහ හඬින් සිනාසෙමින් එලෙස කියා විසිල් පිඹ කෑගසා කියන විටදී එතන සිටි පොලිස් නිළධාරියා ඔහුගේ ඔලුවෙන් අල්ලා කූඩුව තුළට තල්ලු කරේ කුණුහරපෙන් බැන වදින ගමනුයි .

Jk ඒ කියූ දේ අසා කටකොනකින් සිනාසී " මුං මට සේරම බයයි වගේ " තමාටම මුමුණාගන්නා අතරේ ඔහු ගොඩනැගිල්ලෙන් එලියට පැමිණ බලාසිටියේ තමාව එක්කන් එන්න එවපු පොලිස් නිළධාරියා එනකනුයි .

" ඕයි මිනිහෝ , උඹ මාර late නෙහ් බං . උඹ ඔහොමද රාජකාරිය කරන්නේ . හොරා පොලිස් සෙල්ලමවත් කර්න්න තිබුණා
ඒවා කොහෙද තොගෙ ඔය ඌරු බඩ ගෙඩියත් එක්ක බෑනේ " පාච්චලේට හිනාවෙන ගමන් jk ඔහු අසළ ට එන නිළධාරියා ට එලෙස කියන විටදී jk ආව වේගයට යන්තමින් අමාරුවෙන් හති දාන ගමන් දුවගෙන ඔහු වෙතට ඇවිත් මඳක් හති අරිනවිට jk " මේකත් පට්ට ආතල් එකක් හැබැයි " පොලිස් නිළධාරියා jk ව උරහිස් දෙකෙන් අල්ලන් police car එක ළඟට ගෙන ගොස් car එකට තල්ලු කර දොර වසා ඔහුත් car එකට නැග්ගේ තවත් පොලිස් නිළධාරියකු ජෝන් නම් පොලිස් නිළධාරියා එහා පැත්තෙ ආසනයෙන් ඉඳගනිද්දියි .

L̶i̶f̶e̶ o̶r̶ D̶e̶a̶t̶h̶ || JJK ✔Where stories live. Discover now